Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්

July 9, 2026

මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්

July 9, 2026

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
  • මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 9
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
News 0 Views

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්

Buzzer EditorialBy Buzzer EditorialJuly 9, 2026No Comments3 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කරන්නේ යම් කාලයකදී එම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් සහිතව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේ දී අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා විසින් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මහනුවර නගරයේ තවත් මාර්ග සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම දිට්වා නිසා හානි වු කොළඹ – මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද මෙම වසර අවසනයේ හෝ 2027 වසරේ පළමු මාස දෙක වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

“අපි සංචාරක සහ අනෙකුත් සියලු ක්ෂේත්‍ර එක්ක ගත්තහම, මේ නුවර ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයට එක හේතුවක් තමයි මේ කෝච්චිය අද වෙන කොට නැති එක. මං දන්නවා ඔබතුමාලා මේකේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට යම් කාර්යභාරයක් කරනවා. හැබැයි ප්‍රශ්නය ඇමතිතුමනි, දැන් මාස හතක් වගේ කාලයක් ගිහිල්ලත්, මම දැක්කා අර ස්ථාන හයක සමාජ මාධ්‍යවල ගියපු ඔබතුමාලාගේ කට්ටිය වැඩ කරන එකේ, එක ස්ථානයක් හදලා තමයි ඊළඟ තැනකට එන්නේ. හැබැයි ඇමතිතුමා, වාසනාවකට වගේ ඔය වගේ තැන් හයක් විතරක් ඉතුරු වුණේ. වැරදිලා හරි තැන් විස්සක් තිහක් එහෙම වුණා නම්, අපේ ජීවිත කාලෙටවත් මේක හදාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ විදිහටම ගියොත්, මොකද සංචාරකයන්ගේ ‘බකට් ලිස්ට්’ එකේ තියෙන එකක් තමයි ඔය ‘ඇල්ල පාර’ වගේ දේවල්. 

ඉතින් මීට වැඩිය ඇමතිතුමා, එක්කෝ ඔය තැන්වලට ප්‍රවේශ වෙන විකල්ප ක්‍රමවේද හරි යොදාගෙන, යම් කඩිනම් ක්‍රමවේදයක් තුළ මේක හදන්න වැඩපිළිවෙලක් සූදානම් කරන්න මහාමාර්ග අමාත්‍යාංශය හැටියට ඔබතුමාලාට පුළුවන්කම තියෙනවද? මොකද එහෙම නැති වුණොත්, මහනුවර සංචාරකයන් එක්ක ඇති වෙන ප්‍රශ්නය මීට වැඩිය බරපතල තැනකට යනවා.

පළවෙනි කාරණය තමයි, ඒ දුම්රිය මාර්ගවලට අවශ්‍ය කරන ඒවා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ගෙනියන්න පුළුවන්කම තිබෙන්නෙත්, අපි මේ කතා දුම්රිය මාර්ගය පමණයි. ඒවාට බඩු ගෙනියන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. මමත් ගිහිල්ලා බලන කොට දැක්කා, නානුඔය සහ අඹේවෙල කොටසේ විශාල රක්ෂිත කැලයක් තිබෙන්නේ. ඒ එක්කම තියෙන්නේ කෝච්චි පාර විතරයි. ඒ නිසා අපිට සමහර තැන්වල කැලෑ කපාගෙන යන්න බැහැ. අතිවිශාල කඳු පද්ධති මැද්දේ තමයි මේවා තිබෙන්නේ. ඒ නිසා ඒකට ඇත්තටම වෙනත් උත්තරයක් නැහැ. ඒක එකක්.

දෙක තමයි, අපිට කෙසේ හෝ හැම තැනම එකපාර හදන්න බැහැ. අපි ඇත්තටම ජනවාරි මාසයේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එකතු වෙලා වැඩ කරනවා දැන් මාස හතරක් තිස්සේ. අපි හිතාගන්න බැරි තරම් විශාල පැකේජ් ප්‍රමාණයක් දීලයි තියෙන්නේ. නමුත් සමහර තැන් තියෙනවා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ඉතාම බරපතල ලෙස නායගියපු තැන්. ඒවා NBRO එකටම පමණයි,  ඉංජිනේරු සැලසුම් සහ ගොඩනැගීම් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න දෙකම බලපා තිබෙනවා.

ගම්මුන්ගේ උදව්වෙන් අතුරු මාර්ග හදාගෙන ගිහිල්ලා අපි කෝච්චි පාර හදන්න ප්‍රවේශ මාර්ග සකස් කරමින් ඉන්නවා. ඒ වගේම ඒකේ එක උත්සාහයක් තමයි අපි එන්ජිම ගෙනාවේ. නුවර ස්ටේෂන් එකේ ඉඳලා පාරෙන්. ඉතින් මේ ඔක්කොම උත්සාහයන් දරන්නේ සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මනින් කරන්නයි. සාමාන්‍ය ක්‍රමයට හැදුනා නම් ඔබතුමා කියන එක හරි, ජීවිත කාලේ කොහොම වෙතත් (ඔබතුමා තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේ) සැලකිය යුතු කාලයක් යනවා. දැන් මට තේරුමක් ඇතුව කියන්න පුළුවන්කම තියෙන්නේ, අපි විශ්වාස කරනවා වත්තේගම – මාතලේ කොටස හැරුණහම, අනිත් සියලුම දුම්රිය මාර්ග කොටස් අපිට මේ වසර අග, නැත්නම් ලබන වසරේ ජනවාරි – පෙබරවාරි වෙන කොට හදන්න පුළුවන් වෙයි කියලා.

වත්තේගම සිට මාතලේ කොටසට පමණක් අපිට තව මාස හයක් වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ පැහැදිලි කිරීම තමයි මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න තිබෙන්නේ.”

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
Buzzer Editorial

Related Posts

මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්

July 9, 2026

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්

July 9, 2026

මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්

July 9, 2026

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 9, 20260 Views

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්

By Buzzer EditorialJuly 9, 202600 Views

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කරන්නේ යම් කාලයකදී එම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා…

මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්

July 9, 2026

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
  • මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.