දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ලබා ගැනීම් රාශියක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ විවිධ ආයතන සහ පෞද්ගලික නිවාසවල අයවලුන් නොමග යවමින් අයථා ලෙස මුදල් ලබා ගැනීම් රැසක් මේ වන විට වාර්තා වී ඇති බවය.
මේ දිනවල පවතින ඩෙංගු වසංගත තත්ත්වයට අදාළව නිවාස පරීක්ෂා කිරීමේ රාජකාරි සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධ කරගනිමින් මෙම මුදල් ඉල්ලීම් වාර්තා වී ඇති බවත් පෙන්වා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුවත් කර ඇත්තේ කිසිදු හේතුවක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු රාජකාරියට අදාළව මුදල් අයකිරීම් හෝ ලබා ගැනීම් සිදු නොකරන බවය.
ඒ අනුව කිසිදු මුදලක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හෝ ඒ නමින් පෙනී සිටින කිසිදු පුද්ගලයෙකුට ලබා දීමෙන් වළකින ලෙස දන්වා ඇති එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යම් පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් හෝ හඳුන්වාගනිමින් යම් රාජකාරියකට අදාළව මුදල් ඉල්ලා සිටින්නේ නම් පොලීසිය සහ අදාළ ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය.


