Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කපිල චන්ද්‍රසේනගේ නීතිඥයින් සාක්ෂියට කැඳවනවාද ? නැද්ද?
News 2 Views

කපිල චන්ද්‍රසේනගේ නීතිඥයින් සාක්ෂියට කැඳවනවාද ? නැද්ද?

Buzzer EditorialBy Buzzer EditorialMay 29, 2026Updated:May 29, 2026No Comments4 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අබිරහස් ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂිය සඳහා ජනාධිපති රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද? නැද්ද? යන නියෝගය ජුනි 2 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) තීන්දු කළේය.

මෙම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවේ නීතිඥවරු වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ට නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තේජිත කෝරලගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් සිතාසි නිකුත් කර නොතිබුණද මාධ්‍යවලින් පළවූ වාර්තාවලට අනුව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අද අධිකරණය හමුවේ පෙනී සිටින බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“ස්වාමීනී…. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370(5) වගන්තිය යටතේ ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දීම අවශ්‍යදැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා. 

සාක්ෂි ආඥා පනතේ 126 සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති 30 සිට 34 දක්වා ප්‍රතිපාදනවලට අනුව නීතිඥවරයෙකු සිය සේවාදායකයා සමග සිදු කරනු ලබන උපදේශාත්මක කාරණා සම්බන්ධයෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එය නීතිඥවරයෙකුට පැවරී තිබෙන වගකීමක්.
 
මෙම මරණ පරීක්ෂණයේදී සිදුවන්නේ මරණකරුගේ මරණය සිදුවූ හේතුව සොයා ගැනීමයි. ඒ නිසා නීතිඥවරයෙකු හා සේවාදයකයෙකු අතර හුවමාරු වූ අදහස් මෙම කාරණය ස්වාගැනීමට කොයිතරම් අදාලවේද යන්න සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් අධිකරණයේ අවධානය යොමු කරනවා. එම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370(5) යටතේ මෙම ජනාධිපති නීතිඥවරයාගේ සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාගේ සාක්ෂිය කැඳවීමට අවශ්‍යද යන්න නිගමනය කරන ලෙසත් මා  අධිකරණයෙන් ඉල්ලා සිටිනවා”
 යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසීය.

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ජනාධිපති නීතිඥවරයාගෙන් සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේදැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ එම ප්‍රකාශය සටහන් කරගෙන හැක බවය. 

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මතුකළ කාරණා සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කියා සිටියේ,

“2026 වසරේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මියගිය කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් නියම කර තිබෙනවා. පසුව ඇපකරුවන් ඉදිරිපත් කිරීමේදී ඇති වූ අක්‍රමිකතාවයක් නිසා ඔහුට ඇප ලබාගැනීමට බැරිවෙනවා. 

ඉන් පසුව ඇපකරුවන් ඉදිරිපත් කර ඒ මහතා මැයි මස 6 වනදා බන්ධනාගාරයෙන් පිටව යනවා. පසුව මැයි මස 7 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට යළි වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. 

එදින හවස් යාමයේ අරවින්ද ද සිල්වා මාවතාගේ නිවසට පිරිසක් ඇවිත් තිබෙනවා. එම පිරිස පසුව ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න  මහතාගේ නිල මැදිරියට ගොස් සාකච්ඡා කර තිබෙන බවත් පරීක්ෂණ වලදී හෙළිවෙලා තිබෙනවා. 

එම ස්ථානයේදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් රියැන්සි අර්සකුලරත්න  මහතා සහ මියගිය කපිල චන්ද්‍රසේන මහතා අතර සංවාදයක් ඇති වී තිබෙන බව බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා. 

එහිදී සාකච්ඡා වූ කරුණු කුමක්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහායි එම නීතිඥවරු සාක්ෂියට කැඳවා තිබෙන්නේ” යනුවෙන් පොලිසිය පැවසීය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මුහන්දිරම්ගේ  යන අය සාක්ෂියට කැඳවනවාද නැද්ද යන නියෝගය ජූනි මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බවය. 

ඒ අනුව ඉදිරියේදී අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන්ට අවවාද කළේය.

මෙම පරීක්ෂණයට සාක්ෂිදීම සඳහා කැඳවා තිබූ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුට එදින අධිකරණ යාමේ පෙනී සිටින ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා දැක්වීය.

මෙහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ කොළඹ අපරාධ කොට්ඨාශය cctv දර්ශන හා දුරකථන ඇමතුම් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් දැනුම් දුන්නේය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Next Article කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.