Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්
Politics 3 Views

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

Buzzer EditorialBy Buzzer EditorialApril 27, 2026No Comments4 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

එමෙන්ම ඔවුන් සඳහන් කර සිටින්නේ වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් මේ වන තෙක් සිදු කර නොමැති බවය.

ඒ හේතුවෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට විවෘත ප්‍රශ්න 22ක් යොමු කර තිබේ.

එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිතුමන් සහ කැබිනට් මණ්ඩලය විසින් මෙම ප්‍රශ්න 22ට විවෘත පිළිතුරු ලබාදිය යුතු බවය.

– උපුටා ගැනීම –

1.    ජනරජයේ ජනාධිපතිතුමා, භාණ්ඩාගාරයේ ඩොලර් මි. 2.5 ක් අස්ථානගතවී හෝ මංකොල්ලකෑමකට ලක්වී ඇති බව පිළිගන්නේ ද? 
2.    මේ සිද්ධිය සිදූවූ දිනය පිළිබඳ ජනාධිපතිවරයා ලෙස ඔබ වෙත කරුණු වාර්තා කර තිබුනේ ද? 
3.    2025 සැප්. 6 හෝ ඒ ආසන්න දිනක ඔබතුමන් අමාත්‍ය ධූරය දරන මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී  තිබූ බව ජනාධිතිවරයා/මුදල් අමාත්‍යවරයා ලෙස දැන සිටියේ ද? 
4.    එම ප්‍රහාරය එල්ල වූ බව භාණ්ඩාගාර ලේකම් විසින් ඔබතුමන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන්  දැනුවත් කර තිබුණා ද? 
5.    එම දැනුමත් කිරිම සිදුව තිබුනේ නම්, ඔබතුමන් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේ ද? 
6.    ඔබතුමන් ඩිජිටල් කටයුතු, මුදල්, ක්‍රම සම්පාදනය, ජාතික ආරක්ෂක විෂය සම්බන්ධයෙන් වන අමාත්‍යවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ සිදු වූ මංකොල්ලය පිළිබඳ වගකීම දැරිය යුතු බව පිළිගන්නේ ද? 
7.    එසේ නම්, ඔබ ජාතික ආරක්ෂාවේ මුලික විෂය පථයට අයත් අංශ හතරක් මේ වන විට බිඳවැටී ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බව පිළිගන්නේ ද? 
8.    ඔබතුමන් භාණ්ඩාගාර ලේකම් ඔබතුමන් විසින් පත් කළ බව පිළිගන්නේ ද? 
9.    මුදල් ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ/මාලිමාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව පිළිගන්නේ ද? 
10.    ඔහුට භාණ්ඩාගාරය හා මුදල් හා ක්‍රම සම්පාදනය සම්බන්ධයෙන් කිසිදු පුර්ව අත්දැකීමක් නොමැති බව පිළිගන්නේ ද? 
11.    ඔහු විසින් මේ වන විට මුලික විමර්ශනයට අදාල පත්වීම් හා වාර්තා වෙනස් කරමින් මෙම ම‍ංකොල්ලයේ සාක්ෂි විනාශ කරමින් සිටින බව ඔබතුමන් දැන්වත්ව තිබේ ද? 
12.    මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කිරීමෙන් පසුව මෙම මංකොල්ලය සිදුවු බවත්, ඉන් පසුව මුල්‍ය අපරාධයක දී අනුගමනය කළ යුතු මුලික පරිපාලන ව්‍යවහාරයන් පවා ලේකම්වරයා විසින් පැහැර හැර ඇති බව ඔබතුමන් පිළිගන්නේ ද? 
13.    මෙම මංකොල්ලකෑම සිදුවූ දිනය හා එයට මහා භාණ්ඩාගාරයෙන් සම්බන්ධ වූ පුද්ගලයින් කවුරුන්ද යන්න  ඔබතුමන් දන්නේ ද? 
14.    මේ සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාරයේ ලේකම්, ඔබතුමන් දැනුවත් කරනු ලැබූයේ කවදාද? 
15.    ‍ෆී ලෝයර්ස් සංවිධානය විසින් කථානායකතුමන් දැනුවත් කිරීමට පෙර මේ පිළිබඳ ඔබතුමන් දැනුවත්වූයේ නම්, මේ පිළිබඳ ඔබ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවට හෝ ජනතාව දැනුවත් නොකළේ මන්ද? 
16.    සෑම මසකටම දෙවරක් හෝ එයට වැඩි අවස්ථාව දී පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණෙන ඔබතුමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවෙන් කරුණු වසන් කිරීම වරදක් බව පිළිගන්නේ ද? 
17.    මේ මංකෝල්ලය සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාර ලේකම්තුමා, අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට හෝ ප‍ොලීසියට හෝ 2026 අප්‍රේල් 21 දිනට පෙර ( අපගේ හෙළිදරව්වට පෙර)  පැමිණිලි කර තිබේ ද? 
18.    මේ පරිගණක අපරාධය පිළිබඳ පරිගණ අපරාධ හදිසි විමර්ශනය සඳහා ස්ථාපති ආයතන වෙත පැමිණිලි කරනු ලැබූයේ කවදාද? කවුරුන් විසින්ද? 
19.    එසේ නොකර තිබුණා නම්, එය බලවත් වරදක් බව ඔබ පිළිගන්නවාද? 
20.    මේ තරම් අක්‍රමිකතා, අතපසුවීම්, වගකීම් විරහිත බව, වංක ලෙස කටයුතු කර තිබෙන මුදල් ලේකම්වරයා කෙරෙහි ඔබට තවදුරටත් විශ්වාසයක් පවතින්නේ ද? 
21.    මෙහු එම ධූරය දරණ තාක් කල් සාධාරණ විමර්ශනයක් සිදු කළ හැකි බව ජනාධිපතිතුමන්/මුදල් අමාත්‍යතුමන් ලෙස ඔබට විශ්වාසයක් පවතින්නේ ද? 
22.    හර්ෂණ සුරියප්පෙරුම මහතා පුද්ගලයා වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉවත් කර නිසි විමර්ශයක් සිදු කිරීමට අවකාශය ඔබතුමන්ලා විසින් සලසා දෙන්නේ ද? 

– උපුටා ගැනීම අවසන් –

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්
Next Article කොලොම්බියාවේ මහමග සිදුවු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය යයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.