Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 2026 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය ඇරඹෙයි
News 1 Views

2026 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය ඇරඹෙයි

Buzzer EditorialBy Buzzer EditorialFebruary 11, 2026No Comments3 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

026 වර්ෂයට අදාළව ඡන්දහිමි නාමලේඛනය සඳහා ගණන් ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පවසයි.

එහි සුදුසුකම් ලැබීමේ දිනය ලෙස සැලකෙන්නේ පෙබරවාරි මස 01වනදා වන බවත් එම දිනය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සහ එම ප්‍රදේශයේ පදිංචිය තහවුරු කළ අයට ඡන්දහිමි නාම ලේඛනය සඳහා ඇතුළත් වීමේ හැකියාව පවතින බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය. 

මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පවසා සිටියේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා තොරතුරු ලබා ගැනීමට, ගෙයින් ගෙට යමින් දත්ත එකතු කිරීමේ ක්‍රමවේදය හා යාවත්කාලීන ක්‍රමය, එනම් ඇතුළත් කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන බවය.

2026 සඳහා තොරතුරු එකතු කිරීමේ දී අනුගමනය කරන්නේ යාවත්කාලීන ක්‍රමය එනම් ඇතුළත් කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේදය වන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

සුදුසුකම් ලැබීමේ ලේඛනයට ඇතුළත් කිරීමේ දී පෙබරවාරි 01වනදා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වන අය හා පදිංචිය වෙනස් කළ අය ඇතුළත් වන අතර ඉවත්වීමේ ලේඛනය සඳහා මියගොස් සිටින පිරිස ඉවත් කිරීම හා පදිංචිය මාරු කිරීම ඇතුළත් වන බවද ඔහු එහිදී සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවි හරහා ඊ – සේවාවක් හඳුන්වා දී ඇති අතර එහි මේ වන විට 2026 කෙටුම්පත ප්‍රදර්ශනයට පත් කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටී.

එහිදී මහජනතාවට තමන්ගේ නම ඇතුළත් වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීමේ හැකියාව පවතින අතර යම් ලෙසකින් තමන්ගේ නම ඇතුළත් වී නොමැති නම් එහි ඇති උපදෙස් පරිදි ගිණුමක් ආරම්භ කර ඉල්ලීම් සිදු කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එම ඉල්ලීම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ග්‍රාම නිලධාරීන් වෙත යොමු කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම තමන්ගේ තොරතුරුවලට අදාළව යම් සංශෝධනයක් සිදු විය යුතු නම් එනම් ලිපිනය, නම, හැඳුනුම්පත් අංකය, ගෘහ අංකය වෙනස් විය යුතු නම් මෙම වෙබ් අඩවිය හරහා ඊට අදාළ ඉල්ලීම් කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය වෙබ් අඩවියට පිවිසීම හරහා ග්‍රාම නිලධාරීවරයා ඇමතීමට ද අවස්ථාව සලසා දී ඇති බවය.

කිසියම් පුරවැසියෙක් විසින් නාමලේඛනය තුළ තමන්ගේ නම් ඇතුළත් නොවන බවට ඉල්ලීම් සිදු කර ඇත්නම් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් අවශ්‍යතාවය සම්පූර්ණ කර දෙන ලෙසට ද ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පැවසීය.

එමෙන්ම සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල මේ වන විට 2026 කෙටුම්පත ප්‍රදර්ශනය කරන අතර ඒ හරහා ද තමාගේ නම, ලේඛනය තුළ ඇතුළත් වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ හැකියාව පවතින බව ඔහු එහිදී සඳහන් කර සිටියේය.

ඡන්දහිමි නාමලේඛනය සඳහා ප්‍රාදේශීය වශයෙන් තොරතුරු එකතු කිරීම පෙබරවාරි 01වනදා සිට 28වනදා දක්වා සිදුවන බවද ඒ මහතා පැවසීය. 

ග්‍රාම නිලධාරීන්ගෙන් ගත් තොරතුරු හරහා ඇතුළත් කිරීමේ හා ඉවත් කිරීමේ ලේඛනයන් සකස් කර ප්‍රාදේශීය මැතිවරණ කාර්යාලවලට භාරදීම මාර්තු 03වනදා සිට 28වනදා දක්වා සිදු කරන බවද සඳහන් වේ.

එම තොරතුරුවලට අනුව නාමලේඛනය නැවත ලැයිස්තු ගත කර මැයි 5වනදා සිට ජුනි 01වනදා දක්වා දින 28ක කාලයක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පැවසීය.

ඒ අනුව තමන්ගේ නම සුදුසුකම් ලැබීමේ ලැයිස්තුවේ නොමැති නම්, මෙම දින 28ක කාලය තුළ ඒ අයට නැවත හිමිකම් ඉල්ලීමේ අවස්ථාව සලසා දී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම අදාළ ලේඛනය තුළ තමා පිළිබඳව යම් වැරදි තොරතුරු අන්තර්ගත වී ඇත්නම් විරෝධතා ඉදිරිපත් කිරීමට ද මෙම දින 28ක කාලය හරහා අවස්ථාව සලසා දී ඇත. 

ඉන් අනතුරුව හිමිකම් සහ විරෝධතා පරීක්ෂණ පැවැත්වෙන අතර සැප්තැම්බර් 15වන දින 2026 ඡන්දහිමි නාමලේඛනය සහතික කිරීමට අපේක්ෂා කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම
Next Article හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රිමාන්ඩ්
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.