Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්
Financial 3 Views

ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

Buzzer EditorialBy Buzzer EditorialOctober 28, 2025No Comments4 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත.

ආචාර්ය සී. අමරසේකර මහතා

ආචාර්ය අමරසේකර මහතා වසර 22කට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට ප්‍රථම, ආචාර්ය අමරසේකර මහතා ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, වෙළෙඳපොළ මෙහෙයුම්, පහසුකම් කළමනාකරණ මෙන් ම සාර්ව විචක්ෂණතා අධ්‍යයන යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති තනතුර දැරීය. එමෙන් ම ඔහු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළේ ය.

2022 ජනවාරි- 2024 පෙබරවාරි දක්වා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට මහ බැංකු සේවයෙන් මුදා හැර සිටියේ ය.

ආචාර්ය අමරසේකර මහතා මුදල් ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ලබා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ​සම්බන්ධ වීමට ප්‍රථම ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවට අමතර ව, ආචාර්ය අමරසේකර මහතා මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුවේ, වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුවේ සහ අවදානම් කළමනාකරණ කමිටුවේ ද සමාජිකයෙකු වේ. ඔහු මේ වනවිට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. මීට පෙර ඔහු හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෙන් ම ජාතික විද්‍යා පදනමේ විද්‍යා සහ තාක්ෂණ ප්‍රතිපත්ති පර්යේෂණ ක්‍රියාකාරී කමිටුවේ  සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

මුදල් ප්‍රතිපත්තිය සහ අනෙකුත් මහ බැංකු තේමා පිළිබඳ ව ආචාර්ය අමරසේකර මහතාගේ පර්යේෂණ පත්‍රිකා විවිධ ජාත්‍යන්තර සහ දේශීය පර්යේෂණ සඟරාවල පළ වී ඇති අතර, ඒවා පුළුල් පිළිගැනීමකට සහ බොහෝ පර්යේෂක උපුටා ගැනීම්වලට ලක් ව ඇත. එමෙන් ම, ඔහු 2015 – 2020 කාලයේ දී මහ බැංකුවේ පර්යේණ සඟරාව වන මාණ්ඩලික පත්‍රිකා මාලාවේ සංස්කාරක ලෙස ද කටයුතු කළේ ය. ඔහු විවිධ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සහ බැංකු විදු පියෙස ඇතුළු ව විවිධ අධ්‍යයන හා වෘත්තීය ආයතනවල ආරාධිත කථිකාචාර්යවරයෙකු, විභාග පරීක්ෂකවරයෙකු සහ ප්‍රශ්න විචාරකයෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කර ඇත.

එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත්, එම විශ්වවිද්‍යාලයෙන් ම විශිෂ්ට සාමාර්ථයක් සහිත ව ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගෙන ඇති ආචාර්ය අමරසේකර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව ගෞරව උපාධිය ලබා ඇත. එමෙන් ම ඔහු නීතීඥවරයෙකු ද වේ.

කේ.ජී.පී. සිරිකුමාර මහතා

කේ.ජී.පී. සිරිකුමාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර වසර 25කට අධික කාලයක් විවිධ තනතුරු දරමින් සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට ප්‍රථම, ඔහු සහකාර අධිපතිවරයෙකු ලෙස වරින් වර, ව්‍යවහාර මුදල් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, තැන්පතු රක්ෂණ, මූල්‍ය අංශ නිරාකරණය, මූල්‍ය සහ අනෙකුත් ආයතනික සේවා ඇතුළු කාර්යයන් ගණනාවක් අධීක්ෂණය කළේ ය.

සිරිකුමාර මහතා බැංකු හා මූල්‍ය අංශය, මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහි නීති ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වාදීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇත. ඔහු  මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා නිරාකරණ හා බලගැන්වීමේ ක්‍රියාමාර්ග මෙන් ම, බැංකුව තුළ දැඩි යහපාලන සම්මත හඳුන්වා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ඔහු ජාතික ගෙවීම් කවුන්සිලයේ, මූල්‍ය ස්ථායීතා කමිටුවේ, මූල්‍ය අවදානම් කළමනාකරණ කමිටුවේ, මූල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස මෙන් ම 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ පත් කරන ලද විද්වත් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටුවේ සහ මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ නිරීක්ෂකයකු ලෙස ද කටයුතු කර ඇත.

වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

සිරිකුමාර මහතා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ලබා ඇත. නීතීඥයකු වන ඒ මහතා එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අනුකූලතා සංගමයේ සාමාජිකත්වය දරයි. එසේ ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ අනුකූලතා පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමා ලබා ගෙන ඇත.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපළාත් රැසකට තද සුළං
Next Article අධිවේගයේ යන වාහනවල ආසන පටි පැලඳීම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.