Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉතිහාසයේ සත්‍ය සදා මතක තබා ගත යුතුය – ශ්‍රී ලංකාවේ චීන තානාපති
News 5 Views

ඉතිහාසයේ සත්‍ය සදා මතක තබා ගත යුතුය – ශ්‍රී ලංකාවේ චීන තානාපති

Buzzer EditorialBy Buzzer EditorialAugust 22, 2025No Comments5 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉතිහාසයේ සත්‍ය සදා මතක තබා ගත යුතුය. අමතක කිරීම යනු මැරුණු අයව දෙවන වරටත් මරා දැමීමක් බවත්, මතක තබා ගැනීම යනු සාමය සදහා වඩාත් අවංක ආරක්ෂාව බවත් ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධ යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවති පිළිගැනීමේ උත්සවයේදී තානාපති චී ජන්හොං පැවසීය.

එහිදී ඔහු මෙසේ ද කීය.

මෙම වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධක යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි.මීට සමගාමීව චීනය විසින් අනුස්මරණ ක්‍රියාකාරකම් මාලාවක් පවත්වනු ලබයි. අද රාත්‍රියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සාක්ෂිකරුවෙකු වන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අපි රැස්වන්නේ වසර 80 කට පෙර ලැබූ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය සැමරීමටයි – එය අතිමහත් දුක් වේදනා අවසන් කර මනුෂ්‍යත්වය සඳහා බලාපොරොත්තුව නැවත ඇති කළ ජයග්‍රහණයකි. අපි එක්ව ඉතිහාසය සිහිපත් කරමු, වීරයන්ට ගෞරව කරමු, සාමය අගය කරමු, වඩාත් හොඳ අනාගතයක් නිර්මාණය කරමු.

ඉතිහාසයේ සත්‍ය සදා මතක තබා ගත යුතුය. අමතක කිරීම යනු මැරුණු අයව දෙවන වරටත් මරා දැමීමක් බවත්, මතක තබා ගැනීම යනු සාමය සදහා වඩාත් අවංක ආරක්ෂාව බවත් අපට සිහි කරයි. දශක අටකට පෙර යුද්ධය, යුක්තිය සහ නපුර, ආලෝකය සහ අන්ධකාරය, ප්‍රගතිශීලින් සහ ප්‍රතිගාමීන් අතර තීරණාත්මක සටනක් විය. යුක්තියේ ශක්ති ධාරාව අවසානයේ ෆැසිස්ට් යුධ යාන්ත්‍රණය බිද දැමීය. ලෝකය පුරා පැතිර ගිය මහා විනාශය අතරතුර, ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා ප්‍රතිරෝධක යුද්ධය ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයට මුල්ගල තැබූ අතර, නැගෙනහිර ප්‍රධාන යුද්ධ භූමිය විවෘත කළේය. එය මුල්වරට ආරම්භ වී, දිගු කාලයක් පැවත, මරණය දක්වා දරුණුතම සටන් තිබූ, විශාලතම හමුදා යෙදවීම් සිදුවූ, දැවැන්ත සටන් සහිත සහ වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වූ යුධ පිටිය ලෙස ප්‍රසිද්ධ විය.

මෙම යුද්ධය අවුරුදු 14ක් පැවතිණි. චීන ජනතාව මියගිය හා තුවාල ලැබූ මිලියන 35 ක ජනතාවගේ විශාල ජාතික පරිත්‍යාගයකින් පසුව ලෝක විරෝධී ෆැසීස්ට් යුද්ධයේ නැගෙනහිර ප්‍රධාන යුද්ධ භූමිය අත්පත්කර ගත්හ. චීන-ජපන් යුද්ධ භූමිය දිගු කාලයක් පුරා ජපන් හමුදාවේ ප්‍රධාන බලය අල්ලා තබමින්, තදින් සටන් කරමින්, ජපන් සෙබළුන් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් විනාශ කළේය. එය දෙවන ලෝක යුද්ධය තුළ ජපන් හමුදාවට සිදුවූ මරණ සහ තුවාලවල ප්‍රමාණයට සියයට හැත්තෑවකට ආසන්න විය. ජපන් හමුදාව සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කිරීමට එය තීරණාත්මක භූමිකාවක් දැරීය.එසේම ලෝකයේ අනෙකුත් යුද්ධ භූමිකා ශක්තිමත් ලෙස සහාය දැක්වූ අතර, ලෝක ෆැසී ස්ට්විරෝධී යුද්ධයේ අවසන් ජයග්‍රහණයට විශාල ඓතිහාසිකමය දායකත්වයක් ලබා දී ඇත.චීන භූමියේ ඇති සෑම නමක් නොමැති දිවි පිදූවෙකුගේම සොහොනක්ම ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධ ජයග්‍රහණයේ මුල් ගලකි. රුධිරයෙන් තෙත් වූ කඳු සහ ගංගාවල සෑම අඟලක්ම ධර්මිෂ්ඨකම වෙනුවෙන් තම ජීවිත පූජා කළ අයගේ සලකුණූ දරයි. සෑම මැකී ගිය නමක්ම අන්ධකාරය කපා දමමින් ආලෝකයේ දිදුලන කඩුවකි.

ඉතිහාසයේ නාදයන් නිමක් නැතිව දෝංකාර දෙයි. සාමය කිසිදා ඉතිහාසයෙන් ලැබුණු ස්වභාවික තෑග්ගක් නොවන අතර එය තර්කය, ධෛර්යය සහ එකඟතාවය තුළින් මනුෂ්‍යත්වය විසින් පෝෂණය කරන ලද වටිනා පලතුරක් බවත් අපට පසක් කර දෙයි. වසර 80ක් ගත වී ඇති අතර, යුද්ධයේ දුම බොහෝ කලකට පෙර පහව ගොස් ඇත. කෙසේ වෙතත්, වර්තමාන ලෝකය දැඩි කැළඹිලි සහිතය. බල දේශපාලනය සහ සීතල යුද්ධ මානසිකත්වය තවමත් අවතාර මෙන් රැඳී ඇති අතර, කලාපීය ගැටුම්වල සෙවනැල්ල වෙහෙස මහන්සි වී උපයාගත් සාමයට තර්ජනයක් වෙමින් පවතී. අපි ඉතිහාසය සිහිපත් කරන්නේ වෛරයේ දම්වැල් තර කිරීමට නොව, වරක් මනුෂ්‍යත්වය අගාධයට ඇද දැමූ නපුරු මූලයන් සදහටම කපා දැමීමට සහ සැබෑ ආලෝකය පිළිගැනීමට ය.

ඉතිහාසයේ පාඩම් තවමත් නැවුම් ය. මිලිටරිවාදය කල් පවතින සාමයක් ගෙන නොඑන බවට ඔවුන් අපට අනතුරු අඟවයි. සීතල යුද්ධයකදී, උණුසුම් යුද්ධයකදී, තීරුබදු යුද්ධයකදී හෝ තාක්ෂණික යුද්ධයකදී, ජයග්‍රහයකයින් නොසිටිනු ඇත. අධිපතිවාදය හෝ වනාන්තරයේ නීතිය, එනම්, දුර්වලයන් ගොදුරු කරගන්නන් නැවත පැමිණීමට ඉඩ නොදිය යුතුය. නව තත්වයන් සහ අභියෝගවලට මුහුණ දෙන විට, එක්සත් ජාතීන්ගේ අධිකාරිය සහ මූලික කාර්යභාරය දුර්වල කළ නොහැකි අතර එය වඩාත් ශක්තිමත් කළ හැකිය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම කිසි විටෙකත් යල් පැන ගොස් නැත. ඊට පටහැනිව, ඒවා ඊටත් වඩා වැදගත් වී ඇත. මේ මොහොතේ, ඉතිහාසයේ පාඩම් මත පදනම් වූ   අත්දැකීම්වලට පමණක් අපගේ ගමන් මග නැවැත්වීමට, මනුෂ්‍යත්වය අන්ධකාරයට ඇද දැමීමට සහ යුද්ධ ඇතිවීමේ චක්‍රයට නැවත වැටීමෙන් වළක්වා ගත හැකිය.

ඉතිහාසයේ කැඩපත අනාගතය ආලෝකවත් කරයි. එය මනුෂ්‍යත්වයට මඟ පෙන්වීමක් සපයන අතර, ඉතිහාසයේ අත්තිවාරම් මත නැගී සිටීමට සහ සාමකාමී, සමෘද්ධිමත් අනාගතයක් ගොඩනඟා ගැනීමට අපට ඉඩ සලසයි. චීනය සහ ශ්‍රී ලංකාව සමග කාලානුරූපී මිත්‍රත්වයක් බෙදා ගන්නා අතර, පුරාණ සේද මාවත මගින් දිගු කලක් අපව එකට බැඳ තබා ඇත. උසස් තත්ත්වයේ “තීරයක් සහ මාවතක්” සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අපි දැන් අත්වැල් බැඳගෙන කටයුතු කරමින් සිටිමු. හම්බන්තොට වරායේ ප්‍රගතියේ සිට කොළඹ වරාය නගරයේ ගොඩනැගීම දක්වා සහ යටිතල පහසුකම් සම්බන්ධතාවයේ සිට සංස්කෘතික හුවමාරු වර්ධනය කිරීම දක්වා, සංයුක්ත ක්‍රියාමාර්ග තුළින් චීන-ශ්‍රී ලංකා හවුල් අනාගත ප්‍රජාවක් ගොඩනැගීමේ විචිත්‍රවත් පරිච්ඡේදයක් අපි ලියමින් සිටිමු. සහයෝගීතාවයේ මෙම වීර කාව්‍ය නව පරිච්ඡේදය ඉතිහාසයට වඩාත්ම සජීවී උපහාරයක් වන අතර සාමය සඳහා වඩාත්ම ශක්තිමත් පදනම වන අතර එය නිසැකවම අනාගතය සඳහා  වඩාත් දීප්තිමත් චිත්‍රයක් පින්තාරු කරනු ඇත.

ඉතිහාසයේ මතකය කිසිදා මැකී නොයනු ඇත. එය රුධිරයේ සහ ගින්නේ කැළැල් දරාගෙන, ගෞරවය සහ සහජීවනය කරා යන ගමන ආලෝකවත් කරන පහනකි. අපි එක්ව ප්‍රතිඥා දෙමු: ඉතිහාසයේ ඛේදවාචකය නැවත ඇති වීමට ඉඩ නොදිය යුතුය! අනුස්මරණය දිරිගැන්වීමක් ලෙසත්, අපව ඉදිරියට ගෙන යන යාත්‍රාව ලෙස සහයෝගීතාවයත් යොදා ගනිමින්, ඓතිහාසික මතකයේ ආරක්ෂකයින් ලෙස, සංවර්ධනයේ සහ පුනර්ජීවනයේ හවුල්කරුවන් ලෙස සහ ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තියේ ආරක්ෂකයින් ලෙස ඒකාබද්ධව සේවය කරමු.අපි අමාරුවෙන් දිනාගත් සාමය අගය කර ආරක්ෂා කළ යුතු අතර, අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණත්වය, යුක්තිය සහ සහයෝගීතාවයේ මාවතේ ස්ථිරව ඉදිරියට යා යුතුය.

චීන මහා ප්‍රාකාරයේ සිට ශ්‍රී ලංකාවේ සීගිරි පර්වතය දක්වා, සාමය පිළිබඳ විශ්වාසය සදාකාලික පර්වතයක් මෙන් රැඳී සිටීමට ඉඩ දෙන්න, සංවර්ධනයේ ඵල අපගේ සියලු පරම්පරාවන්ට ප්‍රතිලාභ ලබා දෙනු ඇත යැයි ඔහු පැවසීය.

featured News pick picks Political world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමෝදිගේ චීන සංචාරය තහවුරු කරයි
Next Article රනිල් FCIDයට පැමිණෙයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.