Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » SpaceX – STARLINK හි ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවිකරු ලෙස SINGER පත්වෙයි
Financial 9 Views

SpaceX – STARLINK හි ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවිකරු ලෙස SINGER පත්වෙයි

Buzzer EditorialBy Buzzer EditorialAugust 5, 2025No Comments3 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් SpaceX විසින් ශ්‍රී ලංකාවේ Starlink හි බලයලත් අලෙවිකරු ලෙස මෙරට ප්‍රමුඛතම පාරිභෝගික විදුලි හා ගෘහ උපකරණ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙය  Starlink – සිංගර් සබඳතාවය මඟින් සිදු කරන රට පුරා අන්තර්ජාලය වෙත පිවිසීමේ විප්ලවීය වෙනසක් ලෙස සඳහන් කළ හැකිය.

ගෝලීය අභ්‍යාවකාශ නවෝත්පාදකයකු ලෙස SpaceX විසින් නිර්මාණය කරන ලද Starlink යනු ලෝකයේ ඕනෑම තැනක සිටින පුද්ගලයකුට වේගවත්, විශ්වසදායී හා අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ඉහළ කාර්යසාධනයක් සහිත චන්ද්‍රිකා අන්තර්ජාල පද්ධතියකි. මෙහි විශේෂත්වය වන්නේ පොළොව මත ඇති සීමිත යටිතල පහසුකම් මඟ හරිමින් පෘථිවි කක්ෂය මත චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් භාවිත කරමින් බාධාවකින් තොර ඩිජිටල් අත්දැකීමක් ලබා දීමයි. ලොව පුරා ක්‍රියාත්මක මෙම තාක්ෂණය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම ඉතා වැදගත් වන්නේ ග්‍රාමීය හා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට දුෂ්කර ප්‍රදේශයන්හි ජනතාවට ආර්ථික වර්ධනය, අධ්‍යාපන අවස්ථා සහ ඩිජිටල් සේවාවන් වෙත පිවිසීම සඳහා මෙතෙක් පැවති බාධක බිඳ හෙලමින් ඔවුන් වෙත මින් පෙර අත් නොවිඳි පරිවර්තනීය අවස්ථාවක් ලබා දීමයි.

මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත නිරන්තරයෙන් දියුණු තාක්ෂණ පහසුකම් හඳුන්වාදීමේ සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කිරීමට  සිංගර් සමත්ව සිටියි. එමෙන්ම මේ තුලින් දැන් සිංගර් අලෙවිසැල් තුලින් Starlink උපාංග මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදා කර දී ඇත්තේ මෙතෙක් අත්නොවිඳි අධිවේගී අන්තර්ජාල සේවාවක් අත්විඳීමේ අසමසම අවස්ථාව ඔවුන් වෙත ගෙන එමිනි. විශේෂයෙන් වැඩි දත්ත ප්‍රමාණයක් භාවිත කරන්නන්, දුරස්ථ සේවකයින්, ව්‍යාපාර, පාසල්, ගොවිපොල, හදිසි සේවා, ව්‍යවසායකයින් හා සංචාරකයින් මෙන්ම නිවාස සඳහාද මෙම නව අන්තර්ජාල පහසුකම් කදිම විසඳුමක් වනු නිසැකය. ඒ තුලින් අධිවේගී අන්තර්ජාල සේවාවක් ඔබට ලබා දීමට මෙතැන් සිට Starlink කටයුතු කරනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව තුල SpaceX හි නිල අනුමැතිය ලත් ප්‍රථම සමාගම ලෙස සිංගර් සමාගම, Starlink සමඟ වන මෙම හවුල්කාරීත්වය ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. එසේම උතුරේ මෙන්ම දකුණේ ජනතාවටත්  අසීමිත අන්තර්ජාල පහසුකම් අත්විඳීමේ අවස්ථාව උදාකර දෙමින් ලෝකයේ වඩාත් දියුණු චන්ද්‍රිකා අන්තර්ජාල පද්ධතියක ප්‍රවේශය ලබා දීමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වනවා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා “ සිංගර් සඳහා මෙන්ම ශ්‍රී ලංකාවටත් මෙම හවුල්කාරීත්වය සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවා. Starlink හඳුන්වාදීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ SpaceX සමඟ එක් වෙමින් මෙරට ඩිජිටල් සබඳතාව තව දුරටත් ඉදිරියට ගෙන යාමට අපට හැකි වී තිබෙනවා. ඒ තුලින් නව්‍ය තාක්ෂණය මත පදනම් වූ සාර්ථකත්වයක් සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමට අපි කටයුතු කරනවා. හේලීස් සමූහය අනුබද්ධ ආයතනයක් ලෙස අනාගතය වෙනුවෙන් වූ විසඳුම් තුලින් ජාතික ඩිජිටල්කරණ ප්‍රයත්නයන් වෙත අපගේ සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි ” යනුවෙන් පැවසීය.

තවද පාරිභෝගිකයින් හට Starlink mobile app හරහා තමන්ටම Starlink සේවාව සක්‍රිය කර ගැනීමේ අවස්ථාවද මේ තුළින් උදා කර දී ඇත. තවද සීමිත දත්ත සීමාවන් හෝ කලාපයන් අඩු කිරීමකින් තොරව තමන්ට අවශ්‍ය පරිදි අන්තර්ජාල පහසුකම් කළමනාකරණය කර ගනිමින් අසීමිත මාසික දායකත්වයක් යටතේ අන්තර්ජාල පහසුකම් අත්විඳීමේ නිදහස මේ තුලින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට හිමි වේ

Starlink හි සෑම උපාංග පැකේජයකම Starlink ඩිෂ්, Wi-Fi රවුටර්, සවිකිරීමේ උපාංග, කේබල් හා ඇඩැප්ටරය අඩංගු වන අතර නිවාස, ජංගම සහ ව්‍යාපාරික යන විවිධ අංශයන්ට ගැලපෙන අන්තර්ජාල පැකේජ රුපියල් 69,000 සිට සිංගර් වෙතින් මිලදී ගැනීමට හැකි වනු ඇත. මෙම සියලු උපාංග සඳහා අලෙවියෙන් පසු සේවාව මෙන්ම වගකීම් සහගත සබඳතාවක් රට පුරා ජනතාවට ලබා දීමට සිංගර් කටයුතු කර ඇත්තේ සිය විශ්වසනීයත්වය යළි යළිත් තහවුරු කරමිනි.

ඒ අනුව සියලු Starlink උපාංග සිංගර් සහ සිංගර් මෙගා අලෙවිසැල්වලින් පෙර ඇණවුම් කළ හැකි අතර www.singer.lk අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ ද පෙර ඇණවුම් කර මිලදී ගැනීමටද අවකාශ උදා වේ. නම්‍යශීලී ගෙවීම් පහසුකම් යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් Starlink මිලදී ගනිමින් පරිපූර්ණ අන්තර්ජාල පහසුකම් විඳගැනීමේ  අවස්ථාව සලසා දීමද පාරිභෝගිකයින්ට තවත් පහසුවක් වනු ඇත.

Financial
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්
Next Article හරක් කටාට එරෙහිව අලුත් නඩුවක්
Buzzer Editorial

Related Posts

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026

දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

July 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.