Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හිටපු ජනපති රනිල් ට අපරාධ චෝදනාවක් – ඩලස් ජනපති අනුරට ලියයි
News 4 Views

හිටපු ජනපති රනිල් ට අපරාධ චෝදනාවක් – ඩලස් ජනපති අනුරට ලියයි

Buzzer EditorialBy Buzzer EditorialDecember 9, 2024No Comments4 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි.

එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට වැයකරන ලද රුපියල් කෝටි 72කට වැඩි මුදල අපතේ යෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් පෙන්වාදෙයි.. 

ඔහු පවසන්නේ එම මුදල අදාළ තීන්දුව ගත් පාලකයින්ගෙන් අයකර ගන්නා ලෙස ඉල්ලමින් මෙලෙස ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.

# ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු, # ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක් යනුවෙන් ශීර්ෂපාඨ සහිතව ලියා දක්වා ඇති එම ලිපිය තුළින් සිදුවීම් ගණනාවක් පිළිබඳ කරුණු දක්වා තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි  උපේක්ෂාවෙන් බලා සිටින බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම තමා විසින් අපතේ දැමූ ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද එම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

– උපුටාගැනීම – 

මීට මාස 22කට පෙර කැඳවූ නාමයෝජනා අවලංගු කොට නවයෝජනා කැඳවීමටද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. විකෘතිය, ප්‍රකෘතිය බවට පත් කිරීමේ මේ තීරණයට සියලුම දේශපාලන පක්ෂවල ද පුරවැසියන්ගේ ද ආශිර්වාදය හිමිවනවා නොඅනුමානය. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම දේශපාලන ශූන්‍ය භාවය වසා ගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතව, 2023 ජනවාරි අග සතියේදී අත්තනෝමතික ලෙස ගනු ලැබූ මැතිවරණය අවලංගු කිරීමේ තීරණය නිසාවෙන්, පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට වියදම් කොට ඇති රුපියල් කෝටි හැත්තෑ දෙකකට (720,000,000/=) වැඩි රාජ්‍ය මුදල අපතේ යනු ඇතැයි මැතිවරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කොට තිබුණි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවකට ඇස්තමේන්තු ගත කරන ලද මුළු පිරිවැය, රුපියල් බිලියන 8 කි (8,000,000,000/=). ඒ අනුව, කිසිදු සාධාරණ  හේතුවක් හෝ නොමැතිව මෙලෙස අපතේ යාමට නියමිත මුළු මුදල් ප්‍රමාණය අපේක්ෂිත මුළු වියදමෙන් 10% ක් බව නිරවුල්ය. තවද මෙම අසීමිත ධනය, පාලකයන් තම වතු ආදායමින්  උපයාගත් ඒවා හෝ තම පවුලේ ගිණුම් වලින්  වෙන්කරගත් මුදල් නොව මහජනතාවගේ රීරි මාංශ සුරා උපයා ගත් බදු මුදල් බව ද අතාර්කිකය. පැහැදිලිය.

එසේම එදවස, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළ, මැතිවරණ කොමිසමට හා කොමසාරිස්වරුන්ට ගරහමින්, මැතිවරණ පවත්වන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරන් අවමානයට පත් කරමින්, මැතිවරණ සඳහා භාණ්ඩාගාරයට මුදල් නැති බව පවසමින් නොනැවතී අවසානයේ, මැතිවරණයකට නාමයෝජනා කැඳවා නැතැයි යනුවෙන් අශිෂ්ට ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සභා ගතකිරීමට තරම්, රාජ්‍ය නායකයා තමා දේශපාලන කවන්ධයක් බව තහවුරු කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම විගඩමක් ලෙසින් වුව ද සාහසික ව්‍යාකරණයන් සමගින් ඉතිහාසයේ සටහන්ව  අවසානය.

ජනාධිපතිවරයා, තම අප්‍රකාශිත දේශපාලන කාමය සංසිඳුවා ගැනීමේ වුවමනාවෙන්, මැතිවරණය  කල් දැමීමට තීරණය කරනු ලැබුවේ තැපැල් ඡන්ද විමසීමට ආසන්න මොහොතේදී වීම දේශපාලනිකව වඩාත් සාහසිකය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත් කළ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙලෙස මැතිවරණ කල් දැමීම, සාමූහික දුෂණයකට පසුව කරනු ලැබූ දේශපාලන ගබ්සාවක් වන්නා සේම මුල්‍යමය වශයෙන් ගත් කළ මෙය, මහ දවල් කරනු ලැබූ ආර්ථික ඝාතනයක් බව දැන් මොනවට පැහැදිලි වේ.

රාජ්‍ය භාණ්ඩාගාරය සතු  බදු මුදල් වූ උක්ත කෝටි 72 ට අමතරව, නාම යෝජනා භාරදුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂක අපේක්‍ෂිකාවන් අසූදාස් හයසිය හැත්තෑ දෙදෙනෙකු (80,672) මැතිවරණය වෙනුවෙන් වියදම් කොට අපතේ යාමට නියමිත මුදල  මෙපමණකැයි කිසිවෙකුට තක්කරු කළ නොහැක. ඊට අමතරව, මේ පිරිස, ඔවුනගේ ඇප මුදල් වශයෙන්ම වසර දෙකක් පුරා තැන්පත් කොට ඇති මුදල පමණක් රුපියල් මිලියන එකසිය අසූවක්(රු. කෝටි 18ක්) වන අතර  එයම, මේ ආර්ථික ඝාතනයේ විසකුරු ස්වරූපය මැන ගතහැකි පර්යේෂණීය සාක්ෂියකි.
එබැවින්, මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි අප දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට පුංචි ඡන්ද මංකොල්ලය ලෙස මෙය ඇතුළත් කළයුතු අතර ව්‍යවස්ථාවෙන් හිමි කරගෙන ඇති  දේශපාලන වරප්‍රසාද නොසලකා වග උත්තරකරුවන්ට දැඩිදඬුවම් ලබාදිය යුතුය.

රාජ්‍ය බදු මුදල් ගෙවා ගත නොහැකිව, ණය පොලී ගෙවා ගත නොහැකිව, දරුවන් පාසල් යැවීමට නොහැකිව, විදුලි බිල ගෙවා ගත නොහැකිව, දහස් සංඛ්‍යාත පුරවැසියන් දිවි නසා ගන්නා රටක මේ සා විශාල මහජන ධනස්කන්ධයක්, හපකොට දැමූ දේශපාලන  පිශාචයන් දණ්ඩනයට කැප කිරීම සමාජ යුතුකමක් හා වගකීමක්  නොවන්නේද.?
එම නිසා, අපයෝජනය කළ මෙම කෝටි 72 ක මහජන ධනය, මීට වසර දෙකකට පෙර අදාල තීන්දුව ගත් පාලකයන්ගෙන් අයකරගන්නා ලෙස ඉල්ලා පුරවැසියන් ලෙස අපි  අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ  වීමට අපේක්ෂා කරන්නෙමු. ඊට අමතරව, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි  උපේක්ෂාවෙන් බලා සිටින අතර නව මැතිවරණය සඳහා දින නියම වීමට සමාන්තරව ම මිලියන විසි දෙකක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටු වෙනු ඇතැයි යන්න බදු ගෙවන ජනතා අපේක්ෂාව බවද දැනුම් දිය යුතුව තිබේ.

ඒ සියල්ලටම පෙර,  තමා විසින් අපතේ දැමූ මෙම ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද ගෞරවයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.

– උපුටාගැනීම අවසන් – 

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසිරියාවෙන් පැනගිය හිටපු ජනපති රුසියාවේ
Next Article ලොහාන් රත්වත්තේට ඇප
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.