මෙරට ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් වික්‍රමසිංහ මහතා පැවසුවේ අද(26) සහ හෙට(27) දිනයේ එම සමීක්ෂණය සිදුකරන බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, බහුල ලෙස වී ගබඩා ඇති පොළොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල වී ගබඩා මේ යටතේ විශේෂ පරීක්ෂවකට ලක්කරන බවයි.
සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා ද මෙහිදී විශේෂ පරික්ෂාවට ලක්කෙරෙනු ඇති.
එහි වාර්තාව අනිද්දා(28) ජනාධිපතිවරයා වෙත භාර දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පවසුවේ මහ කන්නයේ වී අස්වැන්න සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මගින් මිලදී ගෙන ආරක්ෂිත තොග පවත්වාගෙන යාමටද තීරණය කර ඇති බවයි.
මීට අමතරව වී අලෙවි මණ්ඩය මැදිහත්ව වී මෙට්‍රික්ටොන් ලක්ෂ 04ක ආරක්ෂිත තොගයක් මිලදී ගැනීමට ද සැලසුම් කර තිබේ.
මහා පරිමාණ වී මෝල් හිමියන් සහ ජනාධිපතිවරයා අතර පසුගියදා පැවති සාකච්ඡාවනදී ඔවුන් එකඟවූයේ පාලන මිලට අඩුවෙන් සහල් වෙළඳපොලට නිකුත් කිරීමටයි.
එහෙත් එවැන්නක් මෙතෙක් සිදුවී නොමැති බව වෙළඳපොළ සමීක්ෂණවලදී හෙළිවී ඇතැයි ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
සහල් මෝල් හිමියන් පවසන්නේ නාඩු වී හිඟයක් පවතින බවයි.
එහෙත් පසුගිය කන්නයේ වගාවෙන් 78%ක්ම සිදුකර ඇත්තේ නාඩු වී බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දී ඇත.


