Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 
  • එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
  • සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ
  • කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
  • දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 11
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එංගලන්තය ලකුණු 256 ක් ඉදිරියෙන්
News 2 Views

එංගලන්තය ලකුණු 256 ක් ඉදිරියෙන්

Buzzer EditorialBy Buzzer EditorialAugust 31, 2024No Comments3 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196 කට දැවී ගියේය. ලකුණු 231 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියේය. 

ඒ අනුව එංගලන්තය තවත් කඩුලු 9 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 256 ක් ඉදිරියෙන් සිටි අතර දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට ආරම්භක පිතිකරු බෙන් ඩකට් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක්ද, නායක ඔලී පෝප් නොදැවී ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. එංගලන්ත දෙවැනි ඉනිමේ දැවී ගිය එකම කඩුල්ලේ හිමිකරුවා වූයේ ළහිරු කුමාරය. 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න (7) සහ නිශාන් මධුෂ්ක (7) දෙදෙනාම පන්දුව කඩුල්ල වෙත ඇදගැනීමෙන් දැවී ගියහ. පැතුම් නිස්සංක (12) සහ දිනේෂ් චන්දිමාල් (23) දැවී ගියේ එකම ආකාරයේ ෆ්ලික් පහර දෙකක් ගැසීමෙන් ස්කුවෙයාර් ලෙග් කලාපයේ සිටි පන්දු රකින්නන්ට උඩ පන්දු ලබා දෙමිනි. 

ලකුණු 22 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල බිඳ දැමූ මැතිව් පොට්ස්, ඉන් නොනැවතී නායක ධනංජය ද සිල්වා ආ පයින්ට ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ ඔහු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ කමිඳු මෙන්ඩිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 74 ක් රැස්කිරීමට සමත් විය. 
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ නමුත් එංගලන්තය වෙනුවෙන් ශතක ලබාගත් ජෝ රූට් (143) සහ ගස් ඇට්කින්සන් (118) සිය කණ්ඩායම ලකුණු 427 ක් දක්වා ඔසවා තැබීය. එහිදී අසිත ප්‍රනාන්දු ලකුණු 102 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

පළමු දිනයේදී තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 358 ක් ලබා සිටියේය. අද පෙරවරුවේදී ඉතිරි කඩුලු තුනම දවාගත් අසිත ප්‍රනාන්දු දෙවැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේය. ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයදී කඩුලු 5 ක් දවාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා අසිත ප්‍රනාන්දුය. 1991 දී ලකුණු 69 කට කඩුලු 5 ක් දවාගත් රුමේෂ් රත්නායක එවන් දස්කමක් කළ පළමුවැනි ශ්‍රී ලාංකිකයා විය. 

මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ගස් ඇට්කින්සන් කණ්ඩායමට එක්වූයේ වේග පන්දු යවන්නකු ලෙසිනි. මෙතෙක් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 4 දී ගස් ඇට්කින්සන්ගේ නමට කඩුලු 26 ක් සටහන් වී තිබේ. පළමු පෙළ තරග 23 කට ක්‍රීඩා කර ඇති ගස් ඇට්කින්සන් ඒවායේදී පිත්තෙන් ලකුණු 550 ක් ලබාගෙන ඇතත්, ඔහුගේ පළමුවැනි පළමු පෙළ ශතකය වූයේ අද දිනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 118 යි. 

ගස් ඇට්කින්සන් දැවී ගියේ ඩීප් මිඞ් විකට් හි සිටි මිලාන් රත්නායක ආපස්සට දිවයමින්, අති විශිෂ්ට ආකාරයෙන් රැකගත් උඩපන්දුවකිනි. සිය ලකුණු 118 වෙනුවෙන් පන්දු 115 කට මුහුණ දුන් ගස් ඇට්කින්සන් හතරේ පහර 14 කින් සහ හයේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කළේය. 

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ජනපති අපේක්ෂකයින් හමුවෙයි
Next Article නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලා, ඒක මතික යෝජනාවක්
Buzzer Editorial

Related Posts

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ

June 11, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical June 11, 20262 Views

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

By Buzzer EditorialJune 11, 202602 Views

ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී ප්‍රමිතිකරණයක් නොමැති ප්ලාස්ටික් මෙවලම් භාවිතය නිසා හෘදරෝග, පිළිකා,හෝමෝන අසමතුලිතා ඇතුළු…

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ

June 11, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 
  • එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
  • සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ
  • කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
  • දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.