Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 12
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අතට අත දීම සහ දිට්ඨ ධම්ම වේදනීය කර්මය!උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
News 3 Views

අතට අත දීම සහ දිට්ඨ ධම්ම වේදනීය කර්මය!උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

Buzzer EditorialBy Buzzer EditorialAugust 17, 2024No Comments5 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදෙන දවසේ සජිත්, රනිල්ට අතට අත නොදී දෙඅත් නැමැද ආචාර කිරීම යූ.ඇන්.පී.සෝෂල් මීඩියාවලට හොඳටම රිදිලා තියෙන බවක් පෙනෙන්නට තිබේ. 2015ජනාධිපතිවරණයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාලට අතට අත දෙන්න යද්දී මෛත්‍රිපාලත් දෙඅත් නැමැද ආචාර කළේය. මෛත්‍රී පසුව වේදිකාවේ කීවේ තමා මහින්දට අතට අත නොදුන්නෙ මහින්ද අතට අත දී තමාගේ අතට හූනියම් කරයි කියන බයට කියාය. මෛත්‍රී කීවේ ඒ තරම් වෛරයක් තමා ගැන මහින්දට තිබුණ බව තමා දැන සිටි බවය. සජිත්, රනිල්ට අතට අත නොදුන්නේ ඇයිද යන්න දන්නේ සජිත්ය. හැබැයි එදා මහින්ද මෛත්‍රි එක්ක තිබුණු වෛරයට සමාන වෛරයක් රනිල්ට තමා ගැන තිබෙන බව සජිත් නොදන්නවා යැයි කියන්න බැරිය. රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේත්, අගමැති වූවේත්, ජනාධිපති වූවේත් සමගි ජන බලවේගය කඩලා බිඳලා යූ.ඇන්.පී.යට ගෙන සජිත්ව ඉවර කරන්නටය. 

‘ඔපරේෂන් සජබ’

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බාගන්න රනිල්ගේ ටීම් එක දමපු නම ඕකය. මේ ටීම් එකේ ලොකුම ලොක්කෝ දෙන්නා හරීන් සහ මනුෂය. ඩයනාට බාරදුන්නේ ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ අයිතිය උසාවි ගෙන යන්නත්, පක්ෂයේ අයිතිය අන්තිම මොහොතේ තමන් ගන්නා බව කියා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අවුල් කරන්නටත්ය.

‘රනිල්ගේ අපේක්ෂකත්වය එනවුන්ස් කළාම සුනාමියක් වගේ සජබ මන්ත්‍රීවරු කඩාගෙන එනවා…’
හරීන්ලා මනුෂලා කිව්වේ එහෙමය.
‘අන්තිමේදී සජිත්ට පක්ෂයත් නැතිවෙනවා…’
ඩයනා පාරම්බෑවාය.

2020 මහ ඡන්දයට ඡන්දය ඉල්ලුවොත් පරදියි කියලා හරීන් බිය විය. ඒ නිසා ඔහු සජිත්ගෙන් ජාතික ලැයිස්තුව ඉල්ලා සිටියේය. සජිත් සුළු ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ටවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොදී හරීන්ට මන්ත්‍රී ධුරයක් දුන්නේය.හරීන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ගෝඨාභයට එරෙහිව පාර්ලිමේන්තුව දෙවනත් කළේය. ‘සර් ෆේල්’ කැම්පේන් එක කළේ ඔහුය.

හරීන් සහ මනුෂ දෙදෙනාම පාස්කු ප්‍රහාරයට ගෝඨා සහ ගෝඨාගේ ආරක්ෂක ප්‍රධානීන් සම්බන්ධ යැයි චෝදනා කළහ.හරීන්ගේ චෝදනා පිළිබඳ කටඋත්තරයක් ගන්න රහස් පොලිසිය එනවා කියා හරීන් රෝහල්ගත විය. හරීන් කීවේ තමාව අත්අඩංගුවට ගන්න යනවා කියාය. හරීන් රෝහල්ගත වී සිටියදී ඔහුගේ දුක සැප බැලුවේ සජිත් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුය. එක් වරම රනිල් හරීන් බලන්න නවලෝක රෝහලට ආවේය. ඇවිත් හරීන් බලලා එළියට ඇවිත් අමුතු කතාවක් කීවේය. පහත සඳහන් වන්නේ මාධ්‍ය වාර්තා කළ ඒ කතාවය.

‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන්ව අත්අඩංගුවට ගන්න සූදානමක් තියෙනවා.ඒත් මම දැන් දන්නේ හරීන් ඇමැති කාලේ ඔහුගේ ඩිජිටල් අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක දූෂණ ගැන හොයන්න විමර්ශනයක් පටන්ගෙන තියෙනවා…’
රනිල් වික්‍රමසිංහ
2021.04.28
ඩේලි මිරර්

මින් පස්සේ හරීන් සහ මනුෂ දෙදෙනාම කට වසාගත්හ. ඔවුන් දෙදෙනා පාස්කු ප්‍රහාර විවාදයකට අලුත්ගමගේ ඇමැතිවරයාට අභියෝග කර තිබුණු අතර, විවාදයේදී ඔවුහු අලුත්ගමගේ ඇමැතිවරයා කියන දේ පිළිගත්හ. විවාදයේදී හරීන් සහ මනුෂ හැසිරුණු ආකාරය ගැන කතෝලික පල්ලියටත් කතෝලිකයන්ටත් ජනතාවටත් සැක සිතුණි. අරගලය ආ විට සමගි ජන බලවේගය නුවර සිට කොළඹට සංවිධාන කළ පාගමනේ ලොකු බරක් හරීන් සහ මනුෂ ඇද්දාහ. අගමැතිකම බාරගන්න යැයි ගෝඨා සජිත්ට යෝජනා කළේ එවිටය.අගමැතිකම බාරගන්න ගෝඨා ජනාධිපති බලතල තමාට දිය යුතු යැයි සජිත් කොන්දේසියක් දැම්මේය. ඒ වගේම වහාම මහ මැතිවරණයක් කැඳවිය යුතු යැයි සජිත් ගෝඨාට කීවේය. මේ වනවිටත් රාජපක්ෂ පවුල රනිල්ව අගමැති කරන ලෙස ගෝඨාට බලකරමින් සිටියහ. තමාට අගමැති ධුරය දුනහොත් හරීන් සහ මනුෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගණනාවක් කඩාගෙන තමාට එක්වන බව රනිල් ගෝඨාට කීවේය.

‘ගෝඨා ෆේල්’ කියා කැම්පේන් කරපු හරීන් සහ මනුෂ ගෝඨාභයට සෙට් කළේ රනිල්ය.හරීන් සහ මනුෂට එරෙහි පරීක්ෂණ ඒ සමගම යටපත් විය. රනිල් අගමැති විය.ඔවුන් දෙදෙනා ඇමැතිවරු විය. එතැන් සිට ඔවුන් දෙදෙනාගේම ප්‍රොජෙක්ට් එක වූයේ සමගි ජන බලවේගය කඩලා සජිත්ව ඉවර කිරීමය. ඔවුන් දෙදෙනාම කීවේ ඔවුන් අභියෝග බාරගත්තා කියාය. ඔවුහු අභියෝගයක් බාරගත්හ. ඒ අභියෝගය නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කඩාගෙන සජිත්ව ඉවර කිරීමය.

හරීන් සංචාරක අමාත්‍යාංශය බාරගන්නා විට ලොව රටවල් බොහොමයක් ඉන්දියාව පවා විදේශ සංචාරකයන්ට පනවා තිබූ කොවිඩ් තහනම ඉවත් කර තිබුණේ නැත.මනුෂ විදේශ රැකියා බාරගත්තේත් ලොව සංචාරක තහනම පවතිද්දීය. ඉන්දියාව කොවිඩ් සංචාරක තහනම ඉවත් කළේ 2022නොවැම්බර් 22ය. යුරෝපය ඇතුළු අනෙක් රටවල්ද තහනම ඉවත් කළේ 2022අගෝස්තුවලට පසුවය. සමහර රටවල් ජූලි ඉවත් කළේය. හරීන් සහ මනුෂ ඇමැතිවරු වූයේ 2022 මැයි මාසයේය. හරීන් සහ මනුෂ ඇමැතිවරු වූයේත් 2022 මැයි මාසයේය.තහනම ඉවත් කළාට පසු සංචාරකයෝ ලංකාවට පමණක් නොව ලෝකය පුරාම යන්නට පටන් ගත්හ. කොවිඩ් කාලයේ විදේශ රැකියා අහිමිව තම රටවලට පැමිණි විදේශ ශ්‍රමිකයෝ යළි විදේශ රටවල රස්සා සොයා යන්න පටන් ගත්හ. සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් එන්න පටන්ගත්තේ කොවිඩ් සංචාරක තහනම ඉවත් වී ලෝකයම යළි සාමාන්‍ය වූ නිසාය. ඒක හරීන්ගේවත්,මනුෂගේත් මැජික් නොවේ. හොඳම උදාහරණය මාලදිවයින සහ තායිලන්තයය.2023 ලබන විට මාලදිවයිනට ආ විදේශ සංචාරකයන් 2020 කොවිඩ් එනවිට තිබූ සංඛ්‍යාවටම ආ බව මාලදිවයින සංචාරක අමාත්‍යාංශය 2023 අප්‍රේල් 07 ප්‍රකාශයට පත් කළේය. ඒ වගේම තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය කොවිඩ් ආ පසු 6.7%කට වැටුණු බවත්, කොවිඩ් තහනම ඉවත් වූවාට පසු 28.15%කට නැග්ග බවත් තායිලන්ත සංචාරක ව්‍යාපාරය කියයි. මේ රටවල හරීන් සහ මනුෂ ඇමැතිවරු වී සිටියේ නැත.

හරීන් සහ මනුෂ කළේ රටට ඩොලර් සෙවීම නොව සමගි ජන බලවේගය කඩන්න කුමන්ත්‍රණය කිරීමය. ඔපරේෂන් සජබ පටන්ගත්තේ ඒකටය. ඩයනා ද්විත්ව පුරවැසිභාවය තියාගෙන තව පෝය කිහිපයකින් සමගි ජන බලවේගය මගේ යැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බය කළාය.

රනිල් යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක කාලයේ යූ.ඇන්.පී. මන්ත්‍රී රෝහිත බෝගොල්ලාගම ආණ්ඩුවට එක්වී ඇමැති ධුරයක් ගත්තාට පසු යූ.ඇන්.පී.ය උසාවි ගියේය. පක්ෂ මරුකිරීම නීති විරෝධී බවට ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙද්දී එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා රෝහිතගේ පක්ෂ මාරුවට පක්ෂව තීන්දුවක් දුන්නේය.ඉන් පසු රනිල් හැරදමා යූ.ඇන්.පී.මන්ත්‍රීවරුන් දුසිම් ගණනින් එක්වෙද්දී රනිල් ඔවුන්ට එරෙහිව උසාවි ගියේ උසාවි යන්න ඕනෑවටය.

එහෙත් හරීන් සහ මනුෂට එරෙහිවත් ඩයනාට එරෙහිවත් සජිත් පක්ෂය තුළ කළ යුතු විනය ක්‍රියාමාර්ග අකුරටම කළේය.සරත් සිල්වා රෝහිත බෝගොල්ලාගමගේ පක්ෂ මාරුව අනුමත කළාට පසු විපක්ෂයෙන් ආණ්ඩුවට ගිය කිසිදු මන්ත්‍රීවරයෙක්ට එරෙහිව උසාවි තීන්දු දී තිබුණේ නැත. මුස්ලිම් කොංග්‍රසය අතහැර ගෝඨාගේ ආණ්ඩුවට එක්වූ නසීර් අහමඩ්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව හැමෝම මවිතයට පත් කළහ. ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව දුන්න තීන්දුව හරීන් සහ මනුෂ බයට පත්කරවන්නට සමත් විය. ඒත් මේ දෙදෙනාම චණ්ඩි ටෝක් දිදී සිටියහ. මේ දෙදෙනාම ඔට්ටු ඇල්ලුවෙ සජිත් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැහැ කියාය.‘ඔපරේෂන් සජබ’ කර කර සිටියදී අකුණක් වැදුණා වගේ ශ්‍රේෂ්ඨාධිකරණය හරීන් සහ මනුෂගේ මන්ත්‍රී ධුර අහෝසි කළේ ඔවුන් පක්ෂ විනයට එරෙහිව කටයුතු කළා කියමින්ය.

‘ඔපරේෂන් සජබ’ කරන්න ගොස් ඩයනාගේත්, හරීන් සහ මනුෂගේත් මන්ත්‍රී ධුර අහෝසි වීම දෛවෝපගත සිද්ධියකි.රනිල්ට යූ.ඇන්.පී.යෙන් හිටියේ වජිර මන්ත්‍රීවරයා පමණක් විය. හරීන් සහ මනුෂත්, ඩයනාත් පසුව යූ.ඇන්.පී.යට එක්වූහ. සමගි ජන බලවේගය කඩන්න ගිය රනිල්ට තමන්ගේ මන්ත්‍රීවරු තුනක් නැතිවිය. දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා කියන්නේ ඔන්න ඕකටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමියැන්මාර වහල් කඳවුරුවල ඉන්න ඉතිරි පිරිසත් බේරගන්නවා
Next Article කවුද දිනන්නේ?රනිල්ද? සජිත්ද? අනුරද? නාමල්ද?
Buzzer Editorial

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.