Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වැට් වැඩිවීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයක් ගැන සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය අනතුරු අඟවයි
Financial 9 Views

වැට් වැඩිවීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයක් ගැන සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය අනතුරු අඟවයි

Buzzer EditorBy Buzzer EditorFebruary 28, 2024No Comments5 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2024 ජනවාරි 01 වැනි දින සිට එකතු කළ අගය මත බද්ද (වැට්) 18% දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය යටතේ ඇති සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය (AIDA) බරපතළ කනස්සල්ල පළ කරයි. බදු පදනම පුළුල් කිරීමට අදහස් කරන මෙම පියවර ජාතියේ දළ දේශීය නිෂ්පාදිතයට අත්‍යවශ්‍ය දායකත්වයක් දක්වමින් ග්‍රාමීය ජීවනෝපාය ශක්තිමත් කරන කිරි නිෂ්පාදන අංශයට දැඩි බලපෑමක් ඇති කරනු ලබයි.

2017 වසරේ සිට 2021 වසර දක්වා කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 450 ඉක්මවමින් සැලකිය යුතු වර්ධනයක් අත්කරගත් කිරි කර්මාන්තය දැන් අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දී සිටී. නැවුම් කිරි නිෂ්පාදනය සහ නැවුම් කිරි ආශ්‍රිත නිෂ්පාදන මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ අතර එය  කුඩා පරිමාණ ගොවීන් 300,000 කට පමණ සහ මෙම අංශයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ මිලියන 2 කට අධික යැපෙන්නන් සඳහා අත්‍යවශ්‍ය සහනයක් විය.

 0% සිට 18% දක්වා යෝජිත දැඩි වැට් බද්ද ක්ෂේත්‍රයේ ලාභදායීතාවයට තර්ජනයක් වන අතර එය  කිරි නිෂ්පාදනය 53% කින් ඉහළ නැංවීමේ රජයේ අරමුණට ද පටහැනි වේ.

වැට් වැඩිවීමෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක බහුවිධ වේ. ගොවීන්ගේ යහපැවැත්ම සහ පුළුල් ග්‍රාමීය ආර්ථිකය සඳහා තීරණාත්මක වන කිරි අංශයේ ආර්ථික ස්ථාවරත්වය අවදානමට ලක්වීම මෙයින් මූලික වෙයි. මෙම අංශය 2022 දී 1.33% ක පහත වැටීමක් අත්විඳ ඇති අතර එය මෙම අංශයේ ආර්ථික උච්චාවචනයන් කෙරෙහි එහි සංවේදීතාව පෙන්නුම් කරයි. යෝජිත වැට් වැඩි කිරීම මෙම අවදානම උග්‍ර කළ හැකි අතර එමඟින් නිෂ්පාදනයේ වඩාත් කැපී පෙනෙන පහත වැටීමක් සහ ගොවීන්ට විශාල ආදායම් පාඩු සිදු වීමක් සිදුවිය හැකිය.

තවද, මූලික වශයෙන් ආහාර ද්‍රව්‍ය වැනි යෙදවුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් 2013 සහ 2022 අතර කාලය තුළ කිරි ලීටරයක් ​​නිෂ්පාදනය කිරීමේ පිරිවැය 174% කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එම කාලය තුළ කිරි ලීටරයක  සිල්ලර මිල 168% කින් වැඩි වී ඇත. වැඩි කළ වැට් බද්දේ අමතර බර හේතුවෙන්  කිරි නිෂ්පාදනවල මිල තව දුරටත් දැරිය න්හකි ලෙස ඉහල යෑමෙන් කිරි පරිභෝජනය අධික ලෙස පහත වැටීමට මෙය හේතු විය හැක. මෙය විශේෂයෙන් පෝෂණ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලට බලපාන අතර ජාතියේ පවතින මන්දපෝෂණ ගැටලු තීව්‍ර කරමින් පොදුවේ මහජන සෞඛ්‍යයට දරුණු ප්‍රතිවිපාක ගෙන දිය හැකි තත්වයක් උදා කරයි.

මෙහි ආර්ථික බලපෑම් කිරි නිෂ්පාදන අංශයෙන් ඔබ්බට විහිදේ. ශ්‍රී ලාංකීය ආහාර වේලට අත්‍යවශ්‍ය කිරි නිෂ්පාදනවල අපේක්ෂිත මිල වැඩිවීම් පරිභෝජනයේ සැලකිය යුතු අඩුවීමක් ඇති කළ හැකි අතර එය 30-40% පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. කිරි පරිභෝජනයේ එවැනි පහත වැටීමක් ඇසුරුම්කරණය, ප්‍රවාහනය, සහ සිල්ලර වෙළඳාම ඇතුළු නිෂ්පාදන ක්‍රියාවලියට සහයෝගී අංශ වෙතද බලපෑම් ඇති කරමින් එවන් ආශ්‍රිත ක්ෂේත්‍රවල ආදායම අඩුවීමට පමණක් නොව සේවකයින්ගේ රැකියා අහිමිවීම් පවා හේතු විය හැක.

සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමයේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රධාන කොටස්කරුවන් වන අතර, ගොවීන් විසින් නිෂ්පාදනය කරන ජාතියේ දෛනික කිරි වලින් 60% කට ආසන්න ප්‍රමාණයක් එකතු කිරීමට දායක වෙමින් වාර්ෂිකව නැවුම් කිරි ලීටර් මිලියන 200 සිට 250 දක්වා පිරිසැකසුම් කරයි. කෙසේ වෙතත්, යෝජිත වැට් වැඩිවීම දේශීය කිරි නිෂ්පාදනවල ශක්‍යතාවට තර්ජනයක් වන අතර, අඩු මිලට ආනයනය කරන ලද විකල්ප වෙත මාරු වීමට මෙමගින් පාරිභෝගිකයින්ට බල කෙරේ.

සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය දේශීය කිරි නිෂ්පාදන අලෙවි කිරීමේදී මුහුණ දෙන අභියෝග ඉස්මතු කරන අතර නිෂ්පාදකයින් සහ සැකසුම්කරුවන් මුහුණ දෙන වත්මන් අභියෝග ද අවධාරණය කරයි. දේශීය නැවුම් කිරි භාවිතා කරමින් සිදුකරන ලීටර්යේ UHT කිරි ඇසුරුම්වල විකුණුම්වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන අතර මෙම තත්වය  මත වට්ටම් දීමට සිදුවීම නිසා නිෂ්පාදනය ක්‍රියාවලිය පාඩු සහගත තත්වයක් උදා වී ඇත. දේශීය නැවුම් කිරි දැනටමත් ආනයනික කිරිපිටිවලට වඩා මිල අධික වන අතර, යෝජිත වැට් වැඩි කිරීම තත්ත්වය තවදුරටත් අසීරු කරනු ඇත.

කිරි ගවයින් සඳහා ලබා දෙන සාන්ද්‍ර ආහාර වල මිල සහ තෘණ බිම් වල වියදම ඉහළ යාමෙන් දැනටමත් අඩපණ වී ඇති දේශීය කිරි කර්මාන්තය මෙම බදු ඉහල යාමෙන් සම්පූර්ණයෙන්ම මෙන් අක්‍රීය වනු ඇත. පාරිභෝගිකයන් දේශීයව නිපදවන නැවුම් කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉවත් වී මිල අඩු ආනයනික කිරි නිෂ්පාදන තෝරා ගැනීම හෝ මෙම පෝෂ්‍යදායී සහ සෞඛ්‍යසම්පන්න ආහාර කාණ්ඩයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමේ අනතුරක් ඇති බව සමස්ථ ලංකා කිරි නිෂ්පාදන සංගමයේ මතයයි.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝජිත වැට් බද්ද 0% සිට 18% දක්වා ඉහළ නැංවීමෙන් පැන නගින අභියෝග ඵලදායී ලෙස විසඳීම සඳහා ඒකාබද්ධ හා ඉලක්කගත ප්‍රවේශයක් අවශ්‍ය වේ. බලපෑම අවම කිරීම සඳහා සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරයි. පළමුව යෝජනා කරන්නේ වැට් වැඩිකිරීම පියවර වශයෙන් සිදුකරන අතරතුර එමගින් ඇතිවන දුෂ්කරතා මගහරවා ගැනීමට අවශ්‍ය සහන සඳහා ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන ලෙසයි.

සත්ව ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පහසුකම් සැලසීම මගින් ඵලදායිතාව ඉහළ නැංවීම සහ දේශීය නිෂ්පාදන පිරිවැය අඩු කිරීම ද අප සංගමය යෝජනා කර සිටියි. මීට අමතරව, මහා පරිමාණ කිරි ගොවිතැන, සත්ව ආහාර වගාව, සහ ගබඩාකල හැකි සත්ව ආහාර නිෂ්පාදනය සඳහා රජයේ යෝජනා ක්‍රම මත ඌන උපයෝජිත ඉඩම් සම්පත් සඳහා ප්‍රවේශය පෞද්ගලික අංශයට සාධාරණ ලෙස එකඟ වූ දිගු කාලීන බදු හරහා ලබා දීමට සංගමය නිර්දේශ කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යල කන්නයේ සහ මහ සහ යල කන්න අතරමැද කාලයේ  කුඹුරුවල සත්ව ආහාර සහ බඩඉරිඟු වගා කිරීම ද AIDA දිරිමත් කරයි.

තවත් තීරනාත්මක නිර්දේශයක් වන්නේ සමුපකාර ශක්තිමත් කිරීම සහ ක්ෂේත්‍රය තුළ ලාභදායිත්වය ඉහළ නැංවීම සඳහා අගය එකතු කළ කිරි නිෂ්පාදන නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමයි. වැට් බද්දේ බලපෑම සොයා බැලීම, ප්‍රතිපත්ති ගැලපීම් යෝජනා කිරීම සහ පාරිභෝගික දැනුවත් කිරීමේ ව්‍යාපාර පැවැත්වීමේ වගකීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට (DAPH) පවරමින් ක්‍රියාශීලී අධීක්ෂණ සහ පාරිභෝගික දැනුවත් කිරීමට  මුලපිරීම් වල වැදගත්කම AIDA අවධාරණය කරයි. යෝජිත වැට් බදු වැඩිවීම හමුවේ කිරි නිෂ්පාදන අංශයේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සහ තිරසාර වර්ධනයක් සහතික කිරීම මෙම පුළුල් නිර්දේශ මාලාවේ අරමුණයි.

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයට, ග්‍රාමීය ජීවනෝපායන්ට සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ සමස්ත සෞඛ්‍ය හා යහපැවැත්ම කෙරෙහි එහි දුරදිග යන හා අහිතකර ප්‍රතිවිපාක හඳුනා ගනිමින් යෝජිත වැට් බදු වැඩි කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙස සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය රජයෙන් නිහතමානීව ඉල්ලා සිටී.

අශෝක බණ්ඩාර

සභාපති

සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය

ලංකා වාණිජ මණ්ඩලය

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleප්‍රංශ ජනපතිගෙන් රුසියාවට අනතුරු ඇඟවීම්
Next Article බේබි ෂෙරමි “පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක්” කෘතිය හඳුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.