නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) සහ චීනය සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනිගේ (Yoweri Museveni) ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතයි.
G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.