ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 85 වන වියේ පසු වුණා.
ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇති රෙක්ස් කොඩිප්පිලි සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් සහ කෘතහස්ත රංගන ශිල්පියෙක් ලෙස ජනාදරයට පාත්රවී තිබෙනවා.
රෙක්ස් කොඩිප්පිලි රඟපෑ චිත්‍රපට අතරින් රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ වඩාත් ප්‍රසිද්ධියක් උසුලනවා.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න