Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Variosystems Sri Lanka ආයතනය වසර 25ක අඛණ්ඩ ජයග්‍රහණයන් උත්කර්ෂවත්ව සමරයි
Financial 8 Views

Variosystems Sri Lanka ආයතනය වසර 25ක අඛණ්ඩ ජයග්‍රහණයන් උත්කර්ෂවත්ව සමරයි

Buzzer EditorBy Buzzer EditorDecember 21, 2023No Comments4 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වසර 25ක දිගු කාල පරිච්ඡේදයක් පුරාවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය වෙනුවෙන්  අසමසම කැපවීමක් සිදුකළ, Variosystems Sri Lanka ආයතනය සිය 03 වැනි නිෂ්පාදන මධ්‍යස්ථානය බඩල්ගම ප්‍රදේශයේදී විවෘත කරයි. මෙම සුවිශේෂී සංධිස්ථානය තුළින් නවෝත්පාදන කටයුතු වෙනුවෙන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මෙන්ම තිරසාරභාවය පිළිබඳ Variosystems Sri Lanka ආයතනය දක්වන නොසැලෙන කැපවීම මැනවින් පසක් වේ.

 මේ පිළිබඳ අදහස් බෙදාගනිමින් Variosystems ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී (CEO)  ස්ටෙෆන් සොන්ඩරෙගර් මහතා මෙසේ සඳහන් කළේය. “බඩල්ගම පිහිටි ස්ථානය අපගේ දැක්ම සාක්ෂාත් කරගැනීමට බලපාන කේන්ද්‍රීය අංගයක් ‘ප්‍රමුඛ පෙළේ නවෝත්පාදන සම නිර්මාණය කිරීම’ අපගේ ආදර්ශ පාඨය වන අතර අප ආයතනයේ මූලික ඉලක්කය වන්නේ, ගෝලීය තත්ත්ව ප්‍රමිතීන් අනුව තරඟකාරී මිල ගණන් යටතේ ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට  පිරිනැමිය හැකි නිෂ්පාදනයන් දේශීය සැපයුම් ක්‍රියාවලිය තුළ නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතිය ඔස්සේ දිනෙන් දින වර්ධනය වන ආසියානු වෙළෙඳපල තුළ ගෝලීය ඉලෙක්ට්‍රොනික සැපයුම් දාමයේ අපගේ පැවැත්ම සවිමත් කර ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.”

Variosystems Sri Lanka ආයතනය ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි නිෂ්පාදන ක්ෂේත්‍රයට අති නවීන තාක්ෂණය යොදාගනිමින් ක්ෂේත්‍රය තුළ දැවැන්ත විප්ලවයක් සිදු කර තිබේ.  නවීනතම පහසුකම් රැසක් සමඟ බඩල්ගම ප්‍රදේශයේදී විවෘත කරනු ලැබූ නිෂ්පාදන ආයතනය හරහා දැනට පවතින නිෂ්පාදන ප්‍රමාණය දෙගුණයක් බවට පරිවර්තනය කරමින්  එහි නිෂ්පාදන ධාරිතාවය   වර්ග මීටර් 30,000 දක්වා වර්ධනය කරනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඔස්සේ ස්විට්සර්ලන්තයේ Steinachහි පිහිටි   මූලස්ථානය සමඟ Variosystems Sri Lanka ආයතනය ගොඩනඟාගෙන තිබෙන ගෝලීය ඉලෙක්ට්‍රොනික සේවා හවුල්කාරීත්වයේ ස්ථාවරයද තවදුරටත්  ශක්තිමත් කෙරේ.

අලුතින් සකස් කරන ලද මෙම ව්‍යාපෘති ව්‍යුහය පුනර්ජනනීය බලශක්තියෙන්  සම්පූර්ණයෙන්ම බල ගැන්වෙන අතර එමඟින් කර්මාන්ත ක්ෂේත්‍රයට නව්‍ය ප්‍රවේශයක් ලබා දෙයි.එමෙන්ම එහි ඇති උසස් තාක්ෂණ ඒකාබද්ධතාවය හරහා වැඩි ධාරිතාවක් සහ වේගවත් හැරවුම් කාලය සහතික කරනු ඇත. තවද මේ හරහා  Lean නිෂ්පාදන මූලධර්මවලට අනුකූලව  ගොඩනැගිලි නිර්මිත ක්‍රියාවලීන් විධිමත් කරන අතර මෙහෙයුම් කාර්යක්ෂමතාව උපරිම කරනු ඇත.මෙහි ඝණ මීටර් 23,000ක අවකාශයක්  සහිත මධ්‍යගත ගබඩාවක් ස්ථාපිත කර තිබෙන අතර එය නිෂ්පාදනය කටයුතු සඳහා උපකාරී වේ. සම්බන්ධක පාලම් කිහිපයක් ද මෙහි උපක්‍රමශීලීව ස්ථානගත කර ඇති අතර එමඟින්  භාණ්ඩ රැගෙන යාම සහ සේවක ගමනාගමන කටයුතු ප්‍රශස්ත කරයි.

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආචාර ධර්මවල තිරසාරභාවය රැකගැනීම කෙරෙහි  Variosystems Sri Lanka ආයතනය විශේෂ අවධානයන් යොමු කර තිබෙන අතර අභිනවයෙන් ඉදිකරන ලද මෙම තෙවන නිෂ්පාදන මධ්‍යධස්ථානය තුළින් සම්පත් ප්‍රශස්තකරණය සහ පාරිසරික හිතෛෂී බව වෙනුවෙන් Variosystems Sri Lanka ආයතනය දක්වන ඉහළ කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ. මෙහි අන්තර්ගත වන සූර්ය බලශක්ති උත්පාදක සූර්ය පැනල , බලශක්ති කාර්යක්ෂම ආලෝකකරණය, ජල සංරක්ෂණ ශිල්පීය ක්‍රම සහ අති නවීන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති පරිසරය මෙන්ම සමස්ත මිහිතලයට හිතකර ලෙස ක්‍රියාකරමින් අනාගත පරපුර වෙනුවෙන් ද මිහිතලය ආරක්ෂා කරනු ඇත.

මෙහිදී Variosystems Sri Lankaහි කළමනාකාර අධ්‍යක්ෂ තේවන් සතීස්වරන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.  “අපගේ මෙම තෙවන   නිෂ්පාදන ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමඟ ඉදිරි වසර 03ක කාලය තුළදී  ප්‍රාදේශීය ප්‍රජාව වෙත නව රැකියා 600ක් පමණ නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා.අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීමට මෙන්ම අපගේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා පිරිනැමීමට අපි නිරන්තරයෙන් කැපවී සිටින අතර ඒ තුළින් රටේ ආර්ථික වර්ධනය සදහා වූ තිරසාර භාවිතයන්ද සිදු කිරීම කෙරෙහි අප ආයතනය දක්වන නැඹුරුතාවය මැනවින් තහවුරු වෙනවා.”

Variosystems Sri Lanka ආයතනය වසර 25ක් පුරා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පැමිණි   අඛණ්ඩ ගමන් මග පසුගිය නොවැම්බර් 24 වැනි දින උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. එම අවස්ථාව සමඟ ආයතනයේ විධායක නායකත්ව කණ්ඩායමේ සාමාජිකයින් 07 දෙනෙකු මෙන්ම  ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ තානාපතිනි  සිරි වෝල්ට් ඇතුළු  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය,  ශ්‍රී ලංකා මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුව,බඩල්ගම කාර්මික සංගමය, ශ්‍රී ලංකා පොලීසිය , සේවා හවුලුකරුවන් සහ පාරිභෝගිකයන් නියෝජනය කරමින් ගෞරවනීය අමුත්තන් 100කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර  කාර්ය මණ්ඩලීය සාමාජිකයන් 1,300ක් සම්බන්ධ වී සිටියහ.

ස්විට්සර්ලන්ත තානාපතිනි  සිරි වෝල්ට් මහත්මිය සිය අදහස් මෙසේ සඳහන් . කළාය “වසර 25 ක් පුරාවට ස්ථාවර වර්ධනයක් සමඟින් ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීම පිළිබඳව Variosystems Sri Lanka ආයතනය කදිම නිදසුනක්. කලාපයට සහ එහි ජනතාව වෙත දක්වන  සමාජීය සහ තිරසාර කැපවීම තුළින් ආයතනය ශ්‍රී ලංකා ආර්ථිකයේ  අනිවාර්ය අංගයක් බවට පත්ව තිබෙනවා.”

Variosystems Sri Lankaආයතනය පසුගිය නොවැම්බර් මස 23 වැනි දින පැවති ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (PEA) හොඳම ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන අපනයනකරුට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර Variosystems Sri Lanka ආයතනය 2019 වසරේ සිට අඛණ්ඩව මෙම සම්මානය දිනාගත් 05 වැනි අවස්ථාව මෙය විය. එමෙන්ම මෙවර සම්මාන උළෙලේදී 2022/2023 සඳහා වසරේ හොඳම වටිනාකම් එක් කල අපනයනකරුට හිමි සම්මානයද Variosystems Sri Lankaවෙනුවෙන් හිමිවීම සුවිශේෂී ජයග්‍රහණයක් වූ අතර එය ආයතනයට උත්කර්ෂවත් අවස්ථාවක් විය.

තවද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් විධිමත් මෙහෙයුම් ක්‍රියාවලීන් සහ කඩිනම් අපනයන කටයුතු ප්‍රදර්ශනය කරනු ලබන ආයතන වෙත පිරිනමනු ලබන Green Channel status ඇගයුම හිමි ආයතන 35 අතරට එක් වීමටද  Variosystems Sri Lanka ආයතනය සමත් වූ අතර ආයතනය මෙම ඇගයුමට පාත්‍ර වී ඇත්තේ අයදුම්පත් 126ක් අතරිනි.  Variosystems Sri Lankaආයතනයේ කාර්ය සාධනයෙහි විශිෂ්ටත්වය මෙමඟින් ද මැනවින් අවධාරණය වනු ඇත. මෙම සෑම ජයග්‍රහණයක් ඔස්සේම ගෝලීය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සැපයුම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, තිරසාරභාවය සහ විශිෂ්ටත්වය තුළින් ඉහළම ආයතනයක් ලෙස Variosystems Sri Lanka  ආයතනයේ පැවැත්ම සවිමත් කරනු ඇත.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරාජකීය සම්මාන උළෙලේ හොඳම ඡායාරූප ශිල්පියා අට හැවිරිදි දැරියක්
Next Article ඉස්මායිල් හනියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.