2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති අවසන් තරගය කඩුලු 6 කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා ලබා ගත්තේ ලකුණු 240 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කේ එල් රාහුල් ලකුණු 66 ක්, විරාත් කෝලි ලකුණු 54 ක් හා රෝහිත් ශර්මා (Rohit Sharma) ලකුණු 47 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු 3 ක් හා ජෝෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම 43 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් ලකුණු 137 ක් හා නොදැවී පන්දුවට පහරදුන් මානස් ලබුශේන් (Marnus Labuschagne) ලකුණු 58 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු 2 ක් හා මොහොමඩ් ශමි එක් කඩුල්ලක් බිඳ හෙළිමට සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.