යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද (22) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය පරිදි ගොවීන් 650,000ක් සඳහා එම මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බවය් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම වැඩසටහන යටතේ වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබාදීමට නියමිතයි. මෙවර යල කන්නයේ වී වගා කරන ගොවීන් 650,000ට මෙම වවුචර්පත් නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර මෙම වවුචර්වලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර පමණක් මිල දී ගත හැකි බවයි සඳහන් වන්නේ.