යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පළාතට යළි පැමිණ සිටින ජනතාවට සහ එම පළාතේ පදිංචි ජනතාවට පවතින ගැටළු විසදීම සදහා විශේෂ ජංගම සේවාවක් මෙම මස 26 සහ 27 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය පියවර ගෙන ඇත.
මෙම ජිගම සේවය විෂය භාර අමාත්‍ය ජනාධිපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පැවැත්වේ. (දිවයින)