Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නවසීලන්ත සංචාරය ඉලක්කගතව ජාතික ක්‍රීඩකයින් රදැල්ලේදී පුහුණුවීම් අරඹයි
Sports 8 Views

නවසීලන්ත සංචාරය ඉලක්කගතව ජාතික ක්‍රීඩකයින් රදැල්ලේදී පුහුණුවීම් අරඹයි

Buzzer EditorBy Buzzer EditorFebruary 19, 2023No Comments3 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු අපූරු පිහිටීමකින් යුතු ක්‍රීඩාංගණයකි. කොළඹ එස් එස් සී හෝ ආර් ප්‍රේමදාස හෝ හම්බන්තොට මහින්ද රාජපක්ෂ හෝ දඹුල්ලත් නොව නුවර අස්ගිරියටත් වඩා රදැල්ලේ පිහිටීම අගනේය. මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ එනම් මීටර් 1200 ක ට පමණ ඉහළින් රදැල්ල පිහිටා ඇත. ඒ අනුව මුහුදු මට්ටමේ සිට වැඩි ඉහළක පිහිටා ඇති ක්‍රීඩාංගණ අතරින් රදැල්ල ලොව පෙරමුණේ ඇත. එමතුද නොවේ, ලොව වඩාත් අලංකාරම ක්‍රීඩාංගණයක් ලෙස රදැල්ල සැලකේ.

මෙසේ නොයෙක් අතින් වැදගත් වූ රදැල්ල ක්‍රීඩාංගණය වසර ගණනාවක් පුරා නිසි ප්‍රයෝජනයකට නොගෙන අත් හැර දමා තිබුණි. එහෙත් රදැල්ලේ අගය මෙරට ක්‍රීඩා බලධාරීන්ට වඩාත්ම දැනුනේ පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ය. එවර තරගාවලිය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේය. එකල ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ඉතා පහළ අගයක පැවතුණි. අපේ ක්‍රීඩකයන්ට ඒ සීතල හුරු පුරුදු නැත. ඒ නුහුරු බවේ පාඩුව වඩාත් දරුණු ලෙස පෙන්නුම් කරමින් ක්‍රීඩකයෝ පස් හය දෙනෙක් ආබාධයන්ට ලක්වූහ. ඒ අතරින් වේග පන්දු යවන්නනෝ පෙරමුණ ගත් හ. ජයග්‍රහණයේ අරමුණ පසෙක දමා ක්‍රීඩකයන් යථා තත්ත්වයට ගන්නේ කෙසේදැයි ක්‍රිකට් බලධාරීන්ට සිතන්නනට සිදු විණි.

අඩි 4000ක් උඩින් තිබුණ ද වසර ගණනාවක් පුරා ඉස්මතු නොවූ රදැල්ල ක්‍රීඩාංගණය ගැන කතාබහ ඇති වන්නේ එතැන් පසුවය.

උෂ්ණත්වය දේශගුණය මතු නොව මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනෙක් සාධක පවා ශීත රටවල ක්‍රීඩාංගණවලට බොහෝ සෙයින් සමානය. ඒ බව මුලින්ම කීවේ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි ය. නවසීලන්ත ක්‍රිකට් වේගපන්දු බලපරාක්‍රමයේ අද්විතීය නමකට හිමිකම් කියූ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි රදැල්ල ක්‍රීඩාංගණය පිළිබඳව දැරුවේ මෙවැනි අදහසකි.

“පන්දුව දෝලනය කරමින් පන්දු යවන ක්‍රීඩකයන්ට මේ ක්‍රීඩාංගනය ඉතා හිතකරයි. ඉහළ උන්නතාංශයක පිහිටා තිබෙනවා. ඒ වගේම වලාකුළු වලින් අහස බර ගතියක් නිතර දැනෙනවා. වේග පන්දු යවන්නෝ බලාපොරොත්තු වන ලක්ෂණවලින් මේ ක්‍රීඩාංගණය පොහොසත්”

ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි මහතා එදා මෙම ක්‍රීඩාංගණයට ගොස් තිබුණේ ක්‍රිකට් තරගයකටය. ඒ 1984 වසරේදීය. එදා මෙම ක්‍රීඩාංගණයේ පැවැත් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගයයි. වලාකුළුවලින් බරව තිබූ රදැල්ල අවට අහස එදා බිම හෙළු වැසිවලින් අවාසනාවට මෙන් එම තරගය පවත්වන්නට හැකි වූයේ පැය තුනක හතරක කාලයකි. එදා රිචඩ් හැඩ්ලි තම වේග පන්දුවෙන් කඩුලු කිහිපයක් ද දවාගත්තේය. තරගය වැස්සට හේදුනද හැඩ්ලි මහතා එදා රදැල්ල ගැන සෑහීමට පත් වූයේය. අනතුරුව 2000 වසරේ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් ද රදැල්ල ක්‍රීඩාංගනයේ පැවැත්විණි. එහිදී කෙන්යාව, නෙදර්ලන්තය, පකිස්තානය, අයර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය ආදී කණ්ඩායම් රදැල්ලේ දී තරග වැදුණි. ඊටත් මාස කිහිපයකට පසුව නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම සහ මාලිබෝන් ක්‍රිකට් සමාජය අතර තරගයක් රදැල්ලේ දී පවත්වා තිබුණි. අනතුරුව රදැල්ලේ මතක සිටින තරගයක් නැත. ඒ 2001 වසරේදී මාර්තු මාසයේදී ය. ඒ අතරතුර නිව් සවුත් වේල්ස්, මැඩ්‍රාස්, හයිද්‍රාබාද් බ්ලූස් ආදී ක්‍රිකට් කණ්ඩායම් කීපයක් දිඹුල ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර තරග වැදී තිබුණි.

මේ සියල්ල අවසානයේ රද්දැල්ල නිදැල්ලේය. ඒ අතරතුර කාලයට දශක දෙකක් පමණ ඉක්මවා ගොස් ඇත. එම දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව නවසීලන්තය ඔස්ට්‍රේලියාව එංගලන්තය ආදී රටවල බොහෝ ක්‍රිකට් තරග සංචාරවලට එක් වූයේය. එහෙත් රදැල්ලෙන් ගත හැකි ප්‍රයෝජනය ගත්තේ නැත. වරින් වර මෙරට ක්‍රිකට් පරිපාලනයට පත්වූ විධායක නිලධාරීහු රදැල්ල නොසලකා හැරියහ. එහෙත් කුමක් හෝ වාසනාවකට රදැල්ල ක්‍රීඩාංගණය යළි ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගත යුතු බවට වත්මන් ක්‍රිකට් බලධාරීන්ට තේරුම් යෑම අගය කළ යුතු කරුණකි. එළැඹෙන නවසීලන්ත සංචාරය ඉලක්ක කර ඒ අනුව රදැල්ල ක්‍රීඩාංගණය යළි ජාතික කණ්ඩායමට විවෘත විය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය 15 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රදැල්ල යළි ක්‍රිකට් පුහුණුවට සූදානම් බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන දිඹුල ක්‍රීඩා සමාජය රදැල්ල ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරයි. එම ආයතන දෙකේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය සිදු ව පුහුණුවට සූදානම් කරන ලද රදැල්ල ක්‍රීඩාංගණයේදී නවසීලන්ත සංචාරය ඉලක්ක කර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණු කටයුතු ආරම්භ කළහ. තවත් දින 4ක් පමණ ඔවුන් රදැල්ලේ රැඳී සිටිමින් පුහුණුවීම් කරනු ඇත. (දිවයින)

Feature Image Credits: Sri Lanka Cricket

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් හා චීන විදෙස් ඇමැති අතර හමුවක්
Next Article හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි ඩිසල් ප්‍රවාහනය කල බවුසර් රථයක් අනතුරට
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.