ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) ඉරිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම්දීමට නියමිත බව ඉන්දියාවේ Hindustan Times වාර්තාකර තිබෙනවා.
ඒ අනුව අදාළ දැනුම්දීම චීනය විසින් අද දිනය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිත ආකාරයෙන් සිදුකරනු ඇති බවයි Hindustan Times සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත භාරදීමට කටයුතු කර තිබුණා.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.