ලංකා සතොස මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හතරක මිල පහත දමා තිබේ.
සම්බා සහල් කිලෝග්‍රෑම් 1 ක (දේශීය) මිල රුපියල් පහකින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 220 කි. සුදු සහල් කිලෝග්‍රෑම් 1 ක (දේශීය) මිල රුපියල් 16 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 189 කි. සුදු සහල් (දේශීය) කිලෝග්‍රෑමයක් රුපියල් දෙකකින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 198 කි. පාන් පිටි කිලෝග්‍රෑමයක් රුපියල් පහකින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 240 කි.