බංග්ලාදේශයේ ප්‍රථම මෙට්‍රෝ දුම්රිය පද්ධතිය එරට අගමැතිනි ෂීක් හසීනා විසින් අද (28) ඩකා නුවරදී විවෘත කර තිබෙනවා.
ඩකාහි උත්තරා අගනුවර සිට අගර්ගෝන් ප්‍රදේශය දක්වා මෙම මෙට්‍රෝ දුම්රිය පද්ධතිය ඉදි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙහි සම්පූර්ණ ඉදිකිරීම් 2030 වන විට නිම කිරීමට නියමිත අතර එහි පළමු කොටස කිලෝමීටර් 12 ක දුරින් යුක්ත බවයි සඳහන් වන්නේ.
පැයට කිලෝමීටර් 110ක උපරිම වේගයක් සහිත පළමු අධිවේගී දුම්රිය සේවාව බංග්ලාදේශය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි අද ඩකා හි මෙට්‍රෝ මාර්ගය විවෘත කරමින් එරට අගමැතිනි ෂෙයික් හසීනා සඳහන් කළේ. (රොයිටර්)


තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.