2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරඟ 04 දී ජයග්‍රහණ ලබා ගැනීමට ඝානාව, බ්‍රසීලය, පෘතුගාලය සමත් වූ අතර කැමරුන් රාජ්‍ය කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතර තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
පළමු තරඟය G කාණ්ඩය යටතේ කැමරුන් රාජ්‍ය කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතර පැවති තරඟයේදී කණ්ඩායම් දෙකම ගෝල තුන බැඟින් වාර්තා කිරීම නිසා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
දෙවන තරඟය H කාණ්ඩය යටතේ දකුණු කොරියා කණ්ඩායම හා ඝානා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 02-03 ක් ලෙස ජය ගැනීමට ඝානා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Mohammed Salisu, Mohammed Kudus ගෝල වාර්තා කළා.
තුන්වන තරඟය G කාණ්ඩය යටතේ බ්‍රසීල කණ්ඩායම සහ ස්විට්සර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 01-0 ක් ලෙස ජය ගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Casemiro ගෝලයක් වාර්තා කළා.
H කාණ්ඩය යටතේ පෘතුගාල කණ්ඩායම හා උරුගුවේ කණ්ඩායම අතර තරඟයෙන් ගෝල 02-0 ක් ලෙස ජය ගැනීමට පෘතුගාල කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Bruno Fernandes ගෝල 02 ක් වාර්තා කිරීමට සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.