Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 12
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හිතාගන්නවත් බැරි තේරුම් තියන ලස්සනම සිංහල ගී​ත 7ක්
Entertainment 13 Views

හිතාගන්නවත් බැරි තේරුම් තියන ලස්සනම සිංහල ගී​ත 7ක්

Buzzer EditorBy Buzzer EditorNovember 2, 2022No Comments4 Mins Read13 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියලයි කියන්නෙ. ඒ තරමටම සංගීතය කියන්නෙ ලෝකයේ ඕනෑම කෙනෙකුට රසවිඳින්න පුළුවන් කලාවක්. ගීතයක සම්පූර්ණ රසය විඳින්න ඒ ගීතය ලියපු භාෂාව හෝ ගීතයේ තේරුම නොතේරුණා කියල කිසිම බාධාවක් වෙන්නෙ නැහැ. මේ බව හොඳටම දන්නවා ලෝකයේ විවිධ භාෂා වලින් ලියැවුණු ගීත වෙනසක් නැතුව රසවිඳින අය. හැබැයි ගීතයක හරිම තේරුම දැනගෙන ඒ තේරුම හිතට අරගෙන ගීතය රසවිඳිනවා කියන්නෙ වෙනස්ම රසයක්. හැබෑ සංගීත ලෝලීන් ඒ රසයටත් හරිම කෑදරයි. අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ ලිපිය ලියවෙන්නේ. අපි තාමත් රස විඳින අපේ සමහර සිංහල පැරණි ගීත වගේම මෑත කාලීනව ලියවුණු සමහර ගීතත් මතුපිටින් පෙනෙන සියුම් අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් තියෙන ලස්සන නිර්මාණ. ඉතින් අපි හිතුවා අපි මතුපිටින් සවන් දුන්නහම ඇහෙන සරල තේරුමට වඩා ගැඹුරු අර්ථයක් තියෙන සිංහල ගීත කිහිපයක් ගැන කතා කරන්න.

1. වක්කඩ ළඟ

මේ වක්කඩ ලඟ ගීතයේ තේරුම ගැනනම් හුඟක් දෙනෙක් දන්නවා. ඒත් නොදන්න අයටත් දැනගන්නත් එක්කම අමරදේවයන්ගේ මේ ගීතයේ සැඟවුණු තේරුම ගැන මුලින්ම බලමු. මහගමසේකර ශූරීන් විසින් රචනා කරපු මේ ගීතයේ මතුපිටින් පෙනෙන තේරුමට වඩා ටිකක් වෙනස් තේරුමක් තමයි ඇත්තටම ගීතය ඇතුළෙ තියෙන්නෙ. මතුපිටින් අපිට තේරෙන්නෙ මේ ගීතයෙන් කරන්නේ සියුම් පරිසර වර්ණනාවක් කියලනේ. ඒත් ඇත්තම තේරුමේ හැටියට මේ ගීතයෙන් කියවෙන්නෙ ටිකක් වැඩිහිටියන්ට සුදුසු කතාවක්. තමන්ගේ බිරිඳගේ මාසික අසනීප දින වලින් පස්සේ ඇය සමඟ ලිංගිකව  සම්බන්ධවන ස්වාමි පුරුෂයෙක් ගැන තමයි ගීතයෙන් කියවෙන්නේ. සංසර්ගයේ ඒ ඒ  අවස්ථාවන්ට ගැලපෙන්න පද සංකල්පනාවන් වගේම තනු නිර්මාණයත් අපූරුවට ගැලපිලා තියෙන ලස්සන ගීතයක් මේ.

2. බොල්පිනි වෑහෙන

බොල්පිනි වෑහෙන වෙලාවේ ගීතයත් ඇසූවනින්ම අපිට හිතෙන්නෙ සාමාන්‍ය පෙම්වතෙක් හෝ බිරිඳක් හැරයන පුද්ගලයෙකු විසින් කියන සංවේදී පද වැලක් කියලයි. එත් ඇත්තටම මේ ගීතයෙන් කියවෙන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ යශෝදරා දේවිය හැරයමින් අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාව ගැනයි. සංසාරය නැමති ගැලේ නැගිලා ගමින් ගමට යන ගමනේ එක නවාතැනකින් අභිනික්මන් කරන බව තමයි ගීතය පුරාවටම ලියවිලා තියෙන්නේ. රූකාන්ත ගුණතිලක විසින් ගායනා කරන මේ අපූරු ගීතයේ පදවැල නිර්මාණය වෙලා තියෙන්නෙ සරත් ප්‍රනාන්දු අතින්.

3. සොඬින් නෙළුම් මල

සොඬින් නෙළුම් මල ගෙනියන කියන ගීතය අතුල අධිකාරී විසින් ගායනා කරන හරිම අපූරු ගීතයක්. පද සංකල්පනාව රත්න ශ්‍රී විජේසිංහයන්ගේ. ඇත්තටම ගීතයේ මතුපිටින් කියවෙන්නෙ ඇතින්නියක් ගැන. අහපු ගමන් ඕනෑම කෙනෙකුට තේරෙන්නෙ පෙරහැරක ගමන් කරන ඇතින්නියක් ගැන කියවෙන අපූරු පදවැලක් බව. එත් ඇත්තටම මේ ගීතයට තියෙන්නෙ හිතාගන්නවත් බැරි අර්ථයක්. ගීතයෙන් කියවෙන්නෙ පුංචි දරුවන් ගෙදර තනිකරලා රැකියාවට යන අම්මලා ගැනයි. ඒ ඇතින්නිය කියන පදයෙන් හඳුන්වලා තියෙන්නෙ මේ අම්මාවරුන්වයි.

4. ඇය යන්න ගියා මැකිලා

මේක අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන සුනිල් සරත් පෙරේරා මහත්මයා රචනා කරපු ලස්සනම ගීතයක්. මතුපිට තේරුම බැලුවොතින් අපිට හිතෙන්නේ හැරගිය හෝ මියගිය පෙම්වතියක් හෝ බිරිඳක් වෙනුවෙන් ලියවුණු පදවැලක් කියලයි. සුනිල් සරත් පෙරේරා ශූරීන්ගේ මියගිය බිරිඳ වෙනුවෙන් මේ ගීතය ලියවුණු බවට හුඟක් දෙනෙක් අදහස් පළකරනවා. ඒත් එතුමා විසින්ම මේ ගීතය රචනා වුණේ බිරිඳ ජීවතුන් අතර සිටින කාලයේදී බවත්, වස්ගමුව වනෝද්‍යානය ආශ්‍රිතව ගතකරපු රාත්‍රියකින් පස්සේ හිමිදිරි උදෑසන පරිසරය අවට දකින්න තිබුණු සුන්දරත්වය වෙනුවෙන් මේ පදවැල ලියවුණු බවත් ප්‍රකාශ කරල තියෙනවා. පරිසරය වර්ණනා කරන්න ලියවුණු ඉතාම අගනා පදවැලක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්.

5. ඇරඹුමම කඳුලක් වෙලා

කසුන් කල්හාර කියන අති දක්ෂ තරුණ ගායන ශිල්පියා විසින් ගායනා කරන මේ ගීතයේ පද නිරමාණය වෙලා තියෙන්නෙ දිලීප අබේසේකර ශූරීන් අතින්. මේ ගීතය ඇසූ පමණින්ම අපිට හිතෙන්නෙ හැරගිය පෙම්වතියක් වෙනුවෙන් නැගෙන ශෝකාලාපයක් කියලයි. නමුත් ඇත්තටම මේ ගීතය කසුන්ගේ ජීවිතයට සම්බන්ධ කාරණාවක් වෙනුවෙන් ලියවුණු ගීතයක්. අකාලයේ මියගිය ඔහුගේ මව වන මාලනී බුලත්සිංහල මහත්මිය සිහිකරමින් ඇගේ නික්මයාම ගැන තමයි මේ පදවැලෙන් කියවෙන්නේ.

6. එගොඩහ යන්නෝ

ෂෙල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරපු, ඩෝල්ටන් අල්විස් මහත්මයා පදරචනා කරපු මේ ගීතයත් ඉතාම ජනප්‍රිය ගීතයක්. මතුපිට අර්ථය අනුව මේ ගඟක ඔරුවක් පදවන තොටියෙකු විසින් කරන ප්‍රකාශයක්. නමුත් හැබෑ අර්ථය අපි හිතන්නේ නැති තරම් බොහොම ගැඹුරුයි. ගීතයෙන් අදහස් කරන්නෙ සත්වයා සසර දුක නම් වූ ගංගාවෙන් එතෙර කරන්න ගම් නියමගම් පුරා සැරිසරමින් ධර්මය බෙදාදුන් බුදුන් වහන්සේ නම් වූ තොටියා ගැනයි.

7. සඳ හාදු දිදී

බැලූ බැල්මට රාත්‍රියේ පිපෙන ලස්සන කඩුපුල් මලක් පිපෙනතුරු බලාගෙන ඉන්න කවියෙකුගේ සිතුවිල්ලක් විදිහට පෙනෙන මේ ගීතය රත්නශ්‍රී විජේසිංහයන්ගේ පදවැලක්. ගායනය චන්දන ලියනාරච්චිගේ අපූරු හඬින්. හැබැයි ගීතයේ හැබෑ තේරුම හරිම වෙනස්. රාත්‍රියේ තමන්ගේ හැඟුම් අවදිවෙලා ඉන්න ස්වාමියෙකුට නිදියහනේ සුවසේ නිදා ඉන්න බිරිඳ ගැන ඇතිවෙන සිතුවිලි තමයි ගීතයෙන් අපූරුවට විස්තර වෙන්නෙ.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Entertainment featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපාස්කු ප්‍රහාර නඩුවෙන් රිෂාඩ් නිදොස් කොට නිදහස් කෙරේ
Next Article රාජ්‍ය බදු ඉහල දැමීමට සුනාක්ගේ සූදානමක්
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.