අරගලයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් කැප වූ වැඩසටහන් රැසක් ගෝඨා ගම්මානයේ සංවිධායකවරු ක්රියාත්මක කරති. විරෝධතාව දින 2කට වඩා වැඩි කාලයක් වත් නොපවතී යැයි උපහාසාත්මක විවේචනයන්ටද ලකවූ නමුත් මේ මස 28 වනවිට දින 50ක් පිරීමට නියමිතය.
ඇමරිකානු, ඉන්දීය සහ ජනාධිපති ලේකම් කාර්යාලවලට පණිවිඩ කිහිපයක් යවමින් මෙම මහජන විරෝධතාව ලබන 28 වැනිදා පස්වරු 2.00ට කොල්ලුපිටියෙන් ආරම්භ කිරීමට නියමිතයි. තවත් ආරංචි මාර්ගයකට අනුව කලා කරුවන් විශාල පිරිසක් එක්ව තවත් රැලියක් සංවිධානය කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, ආරංචි මාර්ග පවසන්නේ මෙම පණිවිඩය ජනාධිපතිවරයාට ලබා දිය යුතු ඇතිව නමුත් නියෝජිතයින් එම පණිවිඩය ලබා නොදිය යුතු බවත් විරෝධතාකරුවන් විසින්ම ජනාධිපතිවරයාට ලබා දීමට මන්දිරයට යාමට සෑම උත්සාහයක්ම ගන්නා බවත් වාර්තා වේ. එයට ඉඩ ලැබුනොත් ඒ අවට දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති වීමට හැකි බවත් තතු දත් ආරංචි මාර්ග කියයි.