Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලොවක් සංගීතයෙන් වසඟකරගත් බටහිර සංගීතඥයෝ
History 18 Views

ලොවක් සංගීතයෙන් වසඟකරගත් බටහිර සංගීතඥයෝ

Buzzer EditorBy Buzzer EditorJanuary 5, 2023Updated:January 5, 2023No Comments3 Mins Read18 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉන්දියාව තුළ මහා සංගීත සම්ප්‍රදායක් තියෙනවා. නමුත් ඉන්දියාවේ එම සංගීත සම්ප්‍රදාය වඩාත් නිවැරදිව කිවහොත් සංගීත සම්ප්‍රදායන් ගණනාවක එකතුවක් විදිහට සලකන්න පුළුවන්. මේ තත්ත්වය යුරෝපයේදී වෙනස් වෙනවා. යුරෝපයේ ජන සංගීත සම්ප්‍රදායක් තිබ්බට වඩාත් ප්‍රමුඛත්වයේ ලා සැලකෙන්නේ සම්භාව්‍ය සංගීතයයි. ඈත අතීතයේ දී එකිනෙකට සතුරු ලෙස ක්‍රියාත්මක වුණත් යුරෝපයේ සංගීත සම්ප්‍රදාය ඒ සියළු දේශ සීමා සතුරුකම් අභිබවා යෑමට සමත් වුණා. මේ නිසාම යුරෝපා සම්භාව්‍ය සංගීතය විශාල දියුණුවක් ලබා ගත්තා. අපි අද ඔබට කියන්න යන්නේ මේ බටහිර සංගීත සම්ප්‍රදාය තුළින් ලෝකය මුසපත් කරන්න සමත් වෙච්ච සංගීතඥයෝ කීපදෙනෙක් පිළිබඳව.

01. ලුඩ්විග් වෑන් බීතෝවන් (Ludwig van Beethoven)

අපේ රටේ සියළු දෙනාම පාහේ මේ මොහුගේ සංගීත ඛණ්ඩයක රසිකයෙක් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? චූන් පාන් සංගීතය විදිහට උපහාසයෙන් කතා කරන සංගීත ඛණ්ඩය ඇතුළත් වෙලා තියෙන්නෙ මේ විශිෂ්ට සංගීතඥයාගේ සංගීත නිර්මාණයක. ඔහුගේ සංගීත නිර්මාණ වල ඇති විශිෂ්ටත්වය නිසාම එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සංගීතඥයා ඔහු බවට  බහුතරයක් සංගීත විචාරකයන් විශ්වාස කරනවා. තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේ දී බිහිරි භාවයට පත්වුණු ඔහු එම දුබලතාවයට එරෙහිව සටන් කිරීම ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.

02. යෝහාන් සෙබස්තියන් බාක් (Johann Sebastian Bach)

බටහිර සංගීතයේ බැරක් යුගය ලෙස සැලකෙන ආරම්භක අවධියේ සිටි  ප්‍රධානතම සංගීතඥයා ලෙස  බාක්ගේ නම ඉතිහාසගත වෙනවා.  ඔහුගේ බොහෝ සංගීත රචනා දිගු කාලයක් තිස්සේ අතුරුදහන්ව පැවති අතර මේ නිසා පසුකාලීන සංගීත රසිකයින් ඔහු සංගීතඥයෙකු ලෙස විශිෂ්ටයෙකු ද යන්න පිළිබඳව විවාදයක පැටලී සිටියා. නමුත් හදිසියේම ඔහුගේ ස්වර රචනා රාශියක් නැවත හමු වීමත් සමගම  බාක් පිළිබඳව නැවත අධ්‍යයනය කිරීමට  සංගීතඥයන් පෙළඹුණා.

03. වුල්ෆ්ගැන්ග් අමඩේයස් මෝසාට් (Wolfgang Amadeus Mozart)

අපි ආරම්භයේදී සඳහන් කළා වගේම බීතෝවන් කියන්නේ ලෝකයේ බිහි වූ විශිෂ්ටතම සංගීතඥයා කියන මතය අභියෝගයට ලක් කරන පිරිස් කියන්නේ මෝසාර්ට් තමයි එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සංගීතඥයා කියලා. තම කුඩා අවධියේ පටන් මුළු යුරෝපයම මුසපත් කිරීමට ඔහු සමත් වුණා. ඕස්ට්‍රියාවේ උපත ලැබූ ඔහු අවුරුදු තුනේදී පියානෝ වාදනය පටන්ගත් අතර අවුරුදු පහ වන විට ස්වර රචනා කිරීමට සමත් වුණා. ඔහුගේ ජීවිත කාලය දශක හතරකට ආසන්න වශයෙන් සීමා වුවත් ඔහු විසින් සංගීත ලෝකයට සිදු කරනු ලැබූ බලපෑම අති විශාලයි.

04. යොහෑන්ස් බ්‍රාම්ස් (Johannes Brahms)

සාම්ප්‍රදායික සංගීතයට දැඩි ලෙස ප්‍රියතාවයක් දැක්වූ බ්‍රාම්ස් සැලකෙන්නේ බටහිර සංගීතයේ රෝමාන්තික යුගය ලෙස සැලකෙන අවධියේ පුරෝගාමියෙකු ලෙසයි. ඔහුගේ ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ ජන සංගීතය සම්භාව්‍ය සංගීතය සමග මුසු කිරීම පිළිබඳව මුල් අඩිතාලම දැමීමට ඔහු සිදු කරන ලද සංගීතාත්මක පර්යේෂණ රාශියයි. ඔහු විසින් සිම්පනි, පියානෝ වාදන ආදී විවිධ සංගීත නිර්මාණ වල යෙදුණු අතර ඒවා එම කාලය තුළ අති මහත් ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වුණා.

05. රිචඩ් වැග්නර් (Richard Wagner)

ඔපෙරා සංගීතයේ නිම්වළලු පුළුල් කළ මෙම ජර්මානු සංගීතඥයා සැලකෙන්නේ බටහිර සංගීත සම්ප්‍රදාය විප්ලවීයකරණයට ලක් කළ සංගීතඥයකු ලෙසයි. බැවේරියානු රජුගේ රාජ අනුග්‍රහය ලබමින් ඔහු නිර්මාණය කළ බොහෝ සංගීත නිර්මාණ වේගයෙන් ජනප්‍රසාදයට පත් වූ අතර අවාසනාවන්ත ලෙස ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තිබූ ඇතැම් දුබලතා නිසා ඔහු අප්‍රසාදයටද පත් වුණා. මේ නිසාම අදටත්  ඔහුගේ මේ ශාස්ත්‍රීය සහ පෞද්ගලික ආන්දෝලනාත්මක ස්වභාවය පිළිබඳව අධ්‍යයනයක් සිදු වෙමින් පවතිනවා.

06. ප්යෝටර් ඉල්යීච් චයිකොව්ස්කි (Pyotr Ilyich Tchaikovsky)

රෝමාන්තික අවධියේ දී සිය සංගීත නිර්මාණ හරහා මිනිසාගේ භාව ප්‍රකාශනය සඳහා වැඩි අවධානයක් යොමු කළ සංගීතඥයෙකු විදිහට මොහුව හැඳින්වීමට පුළුවන්. සංගීත නිර්මාණ වල දී විවිධ පර්යේෂණ සිදු කළ ඔහු ප්‍රංශ, ජර්මන්, ඉතාලි ආදී එවකට ප්‍රමුඛ පෙළේ සංගීතඥයන්ගේ ක්‍රමවේදයන් වලින් ආභාෂය ලබා, ඊට තමන්ගේ පෞද්ගලික දායකත්වයක් ද ලබා දී මනරම් සංගීතයක් නිර්මාණය කිරීමට සමත් වුණා. විශේෂයෙන්ම බැලේ නර්තන සඳහා ඔහුගේ සංගීත නිර්මාණ අදටත් රසිකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක් වෙනවා.

07. ෆ්‍රෙඩ්‍රික් ෂෝෆෑන් (Frédéric Chopin)

පෝලන්ත ජාතික මෙම සංගීතඥයා ප්‍රංශය තුළ ජීවත් වෙමින් බටහිර සංගීතයේ පෙර නොවූ විරූ මාන කරා සිය නිර්මාණාත්මක හැකියාවන් මෙහෙයවනු ලැබුවා. සමකාලීන සංගීතඥයන් මෙන් විවිධ සංගීත භාණ්ඩ කෙරෙහි අවධානය යොමු නොකළ ඔහු පියානෝව කෙරෙහි පමණක් සිය සම්පූර්ණ අවධානය යොමු කරනු ලැබුවා. ඒ හරහා ඔහු අති රමණීය පියානෝ ස්වර රචනා රැසක් රසිකයන්ට තිළිණ කිරීමට සමත් වුණා. (Lifie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලිට්‍රෝ ගෑස් මිල පහළට දැමේ
Next Article දුරුතු පොහොය අද
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.