2022 දී වෙළෙඳපොළට හදුන්වා දෙන මෙම ස්මාට් වොච් එකේ මූලික වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන් වනවා. පණිවුඩ හුවමාරුව හා සෞඛ්‍යය පහසුකම් ඉලක්ක කරගනිමින් මෙම හදුන්වාදීම සිදු කර ඇති බවත් වාර්තා කරනවා.
මෙහිදී ඔවුන් ෆේස්බුක් සේවාවන් එනම් Facebook, Messenger, Instagram හා whatsapp යන සේවාවන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික සුවතාවයන් ඉලක්ක කර ගනිමින් සුවිශේෂී වූ ලෙස මෙම ස්මාට් වොච් එක නිර්මාණකරණයේ යෙදෙන බවද සදහන්.
ඊට අමතරව Facebook සමාගම මගින් සිය දෘඨකාංග සහිත උපාංගයන් වල operating system එකක් ධාවනය කිරීමද දැනටමත් නිර්මාණය කරමින් පවතින බවද ආරංචි මාර්ග වාර්තා කරයි. එනිසා මෙම ස්මාට් වොච් එකට ඔවුන් Google wear operating system එක භාවිතා කරයිද එසේත් නැත්නම් facebook සමාගම විසින් නිර්මාණය කරන ලද වෙනත් OS එකක් යොදාගනීවිද යන්න තවමත් නිශ්චිතව තොරතුරක් ලැබී නැහැ.
කෙසේ වෙතත් ෆේස්බුක් සමාගම මේ වන විටත් පරිශීලකයන්ගේ දත්තයන් ආරක්ෂා කිරීම සම්බන්ධව අපකීර්තියකට පත්ව ඇති නිසාවෙන් මෙම smart watch එකට කුමන ආකාරයේ තත්වයක් හා පිළිගැනීමක් වෙළෙඳපොළෙහි ඇතිවේවිද යන්න නම් දැනගැනීමට වෙළෙඳපොළ වෙත ඔවුන් එය නිකුත් කිරීම කළ යුතු වනවා.
පරිශීලකයන්ට මෙම ස්මාට් වොච් එක හරහා ජංගම දුරකථනයක් නොමැතිව වුවද එම සන්නිවේදන සම්බන්ධතාවයන්ටද ඉඩ සැලැස්වීමට කටයුතු කරන බවද සදහන්.
එහෙත් පරිශීලකයන්ගේ සෞඛ්‍යමය තොරතුරු මෙන්ම, වෙළඳ දැන්වීම් ද තෙවන පාර්ශවීය සමාගම් වෙත ලබා දීමට facebook සමාගම විසින් කටයුතු කරාවිද යන්න ඇති සැකය නිසා මෙම මාතෘකාව කතාබහට ලක් කිරීමට පටන්ගෙන තිබෙයි. මෙම ස්මාට් වොච් එකෙහි අන්තර්ගතය, එහි වෙනත් තොරතුරු කිසිවක් සම්බන්ධව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා නොවෙයි.
බොහෝ දෙනා අනුමාන කරනුයේ facebook සමාගම විසින් එළි දක්වන්නට නියමිත මෙම smart watch එක Apple සමාගමෙන් නිකුත් කළ Apple watch series 6 හා Watch SE යන උපාංගයන්ට වඩා අඩු මිලකට වෙළෙඳපොළ වෙතට නිකුත් කරනු ඇති බවයි. විවිධ වූ කටකතා අතරේ මෙම ස්මාට් ෆෝන් එක කුමන ආකාරයෙන් වෙළෙඳපොළ වෙත නිකුත් වේද යන්න බැලීමට නම් මදක් ඉවසන්නට වේවි. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.