චීනයේ පරිත්‍යාගයක් ලෙස මෙරට පාසල් දරුවන්ට බෙදා හැරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 1000ක් (සහල් පැකට් ලක්ෂයක්) රැගත් චීන නෞකාව අද (19) උදෑසන කොළඹ වාරය වෙත පැමිණ තිබෙනවා.
මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම සහල් තොගය කඩිනමින් බෙදා දීමට කටයුතු කරන බවයි.
පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා චීන ආධාර යටතේ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 7000ක් ලබාදී තිබෙනවා.