Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එකම දේ යළි යළිත් කිරීම මානසික රෝගයක්ද?
Medical 5 Views

එකම දේ යළි යළිත් කිරීම මානසික රෝගයක්ද?

Buzzer EditorBy Buzzer EditorMay 23, 2022No Comments4 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සමාජයක් ගත්විට විවිධාකාර පුද්ගලයන් සිටිය හැකිය. බාහිර හැඩ රුව සේම අභ්‍යන්තර ගති ගුණ, සිදු කරන ක්‍රියාවලි පවා එකිනෙකට වෙනස් වේ. එය අපේ අතේ ඇඟිලි පහේ ඇති විවිධත්වය මෙනි. ඒ අතර ඇතැම් දෙනා සිදු කරන ඇතැම් පුරුදු නිසා ඔවුන් කෙරෙහි යම් විශේෂයක් එසේත් නැත්නම් කැපී පෙනෙන වෙනසක් ඇති කරවීමට සමත් වී ඇත. 

පුද්ගලයන් ලෙස අප දෛනික ජීවිතයේදී අකම දේ යළි යළිදු කරන අවස්ථා එමටය. මුලදී මෙය රෝග තත්ත්වයක් ලෙස නොපිළි ගත්තද බොහෝ වරක් සිදු වේ නම් අපට සිතන්නට බොහෝ දෑ ඇත.

මනෝ වෛද්‍ය විද්‍යාවේදී ග්‍රස්ථිය හෙවත් OCD යනුවෙන් රෝගී තත්ත්වයක් ඔබ අසා ඇත. මෙහි සුවිශේෂී ලක්ෂණ වනුයේ එකම සිතිවිල්ල යළි යළිත් ඇති වීම , හේතු රහිතව එකම ක්‍රියාව සිදු කිරීම ආදියයි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ස්ත්‍රී සහ පුරුෂ යන දෙකොට්ටාසයටම පොදු අතර පුද්ගලයකු ළමා වියේදී හෝ වැඩිහිටියකුගේ මුල් අවදියේදී ආරම්භ වේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ සිට පැවතිය හැකි රෝගී තත්ත්වයක් වන මෙය එක් කලකදී රෝගයේ යම් වැඩි වීමක් සේම තව කලකදී අඩු වීමක්ද සිදු වේ.

යම් ආතතිකාරී අවස්ථාවක් ඇති වූ විගස රෝගයේ උත්සන්න වීමක් දැකිය හැකි වේ. රෝගය නිර්ණය සඳහා නැවත නැවතත් ඇති වන සිතුවිලි සේම යළි යළිත් සිදු කරනු ලබන ක්‍රියාවන් මගින් පුද්ගලයකුගේ දෛනික ජීවිතයට බාධාවක් ගෙන දිය හැකි අතර මේ තත්ත්වය සති 02ට වඩා කල් අල්ලා පැවතිය හැකියි.

මෙම සිතිවිලි සේම ආවේග රෝගියාගේ මනස තුළින්ම පැන නැගිය යුතු අතර ඒවා බාහිර බලවේග මතින් ගොඩ නැගුණක් යන්න රෝගියාට නොදැනිය යුතුයි. රෝගියා විසින්ම සිතුවිලි වරින් වර ඇති වීමත් එකම ක්‍රියාව කිහිප වරක් සිදු කිරීම නැවැත්වීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වීම, කල් යත්ම මෙවැනි සිදුවීම් රෝගියාටම අප්‍රසන්න සහ අසහනකාරී අත්දැකීමක් ගෙනදීම ආදී දේ ඇති වීමට පටන් ගැනේ. එබැවින් රෝගියාගේ දෛනික කටයුතු නිසියාකාරයෙන් කර ගැනීමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවකට පත් වීමට පවා සිදු වේ.

මෙම විශේෂිත රෝගයෙහි ඇති අනෙකුත් රෝග ලක්ෂණ වශයෙන් එදිනෙදා තම කාර්යය කර ගැනීමෙහිලා ඇති වන මන්දගාමීත්වය, ලෙහෙසි පහසු කාර්යයක් වුවත් බොහෝ සේ සිතමින් කල් මැරීම ආදියද ඇතුළත් වේ.

එසේද මෙම රෝගයෙන් පෙළෙන්නන්ගේ සිතේ ඇති වන සිතුවිලි කාලයෙන් කාලයට වෙනස් වන සුළු වේ. කාලයකදී පිළිවෙළ , පිරිසුදුකම ගැන සාමාන්‍ය පරිදි සිතන මොවුහු තවත් කාලයකදී ඒවා ගැන සීමා රහිතව සිතමින් කටයුතු කිරීමට පටන් ගනී. මොවුන්ගේ මනසට ආතතිකාරී සිතුවිලි ඇති වීම, ආගමික විශ්වාසවල දැඩිව එල්බ ගෙන සිටීම, පාලනය කරගත නොහැකි ලෙස විනය විරෝධී සිතිවිලි පහළ වීම නිතැතින් සිදු විය හැකියි. මෙවැනි සිතුවිලි තමන්ට පාලනය කර ගත නොහැකි බවත්, මේවා ප්‍රතිඵලදායී නොවන බව තේරුම් ගියත් දිගින් දිගටම සිදුවීම හමුවේ ඔවුන් තව තවත් අසරණ වීම රෝගයේ ස්වාභාවයයි.

OCD තත්ත්වයේ සංකූලතාවන් ලෙස මානසික අවපීඩනය, කාංසාව වැනි තත්ත්වයන්ගෙන්ද සුබලව පීඩා විඳීමට සිදු වේ.

OCD රෝගය ඇති වීමෙහිලා බලපාන කාරණා ගතහොත් හේතු සාධක ගණනාවකම එකතුවකි. ඒවා අතර ජානමය සම්බන්ධතාවද ප්‍රධාන වශයෙන් හේතු වේ. එනම් මෙකී රෝගයෙන් පවුලේ සාමාජිකයකු පීඩා විඳී නම් OCD අවදානම අනෙක් සාමාජිකයන්ටත් පැවැතිය හැකියි. තවද යම් යම් ආසාදන නිසා මොළය හානි වූ පුද්ගලයන්ටද මෙහි අවදානම පැතිරේ. එනම් Encephalitis තත්ත්වය නිසා මොළයට හානි වූවන් , Streptococci නම් බැක්ටීරියාව නිසා මොළය හානිවූ පුද්ගලයන්ද රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම පුද්ගලයන්ගේ මොළයේ OSTC නම් ස්නායු පරිපථයක සංඥා නැවත නැවත ගමන් කිරීම රෝගය ඇති වීමට හේතුවයි. ඒ වගේම පවුලේ සෙසු සාමාජිකයන් මෙවැනි රෝගීන්ව රැක බලා ගන්නා ක්‍රමය මතත් රෝගය අඩු වැඩි විය හැකියි.

පෞර්ෂත්ව ආබාධ සහිත පිරිමි පුද්ගලයන් , ශරීරයේ චලනවල අසාමාන්‍යතා ඇති පුද්ගලයන්ට මෙම තත්ත්වය උග්‍ර ලෙස ව්‍යාප්ත වේ. මානසික අවපීඩනය මෙන්ම තමා විසින්ම ශරීරයට හානි කර ගැනීමත් එය සමහර විට ජීවිතයට හානි පමුණුවා ගැනීම දක්වා පෙළඹෙන පුද්ගලයන් අතරත් රෝග සංකූලතා පෙන්වීමට හේතු වේ.

තවද සමාජමය සහ වෘත්තීයමය සාර්ථකත්වයක් ලබා ඇති අයට මෙම තත්ත්වය කෙටි කලක් පමණක් පැවැතුණද රෝග සංකූලතා පෙන්නුම් නොකෙරේ. මෙහි සඳහන් කළ යුතු වැදගත් කරුණ වන්නේ මෙකී රෝගී පුද්ගලයන්ගෙන් බහුතරයක්ම අවුරුද්දක් වැනි කාලයක් ගත වීමේදී සංකූලතාවල අඩු වීමක් පෙන්නුම් කරන බවයි. ඉතිරි පිරිස රෝග ලක්ෂණවල අඩු වැඩි වීම් සමගින් දිගු කලක් පුරා රෝගයෙන් පීඩා විඳි බවයි.

ග්‍රස්ථිය රෝගයට ඇති ප්‍රතිකාර ගැන කතා කිරීමේදී මනෝ වෛද්‍ය විද්‍යාවේ ඇති ප්‍රධාන ඖෂධ කාණ්ඩයක් වන SSRI නමැති වර්ගය භාවිත වේ. මේවා සුලබව භාවිත කරන බෙහෙත් කණ්ඩ වේ. මෙහිදී රෝගියාට ඖෂධ වැඩි මාත්‍රාවකින් මාස 03ක පමණ කාලයක් ලබා දීමෙන් අනතුරුව පාලනය කිරීමට පටන් ගනී. මෙම ඖෂධ අඛණ්ඩව ලබා ගත යුතු වේ. රෝගයට නිසි ප්‍රතිකාර නොලැබීම හමුවේ රෝගීන් තම දෛනික කටයුතුවලින් ඉවත් වීමට පවා පෙළඹේ. කෙටි කාලීන සුවය සඳහා සමහර ඖෂධ ලබා දෙන අතර ඒවා දීර්ඝ කාලීනව භාවිත කිරීමටද අවශ්‍ය නොවනු ඇත.

ප්‍රධාන වශයෙන්ම OCD රෝගයට ඖෂධමය ප්‍රතිකාර සමග බද්ධව මනෝ චිකිත්සකමය ප්‍රතිකාරද ලබා දිය යුතු වේ. මෙහිදී සිදු කෙරෙනුයේ රෝගීන් මඟ හරින ලද බිය ජනක අවස්ථාවන් ලැයිස්තුවක් සකසා ක්‍රමක්‍රමයෙන් ඔවුන්ව ඒ සඳහා හුරු කිරීමයි.

අනෙක් පියවර වනුයේ මෙවන් රෝගීන්ගේ චින්තන රටාවේ පවත්නා දෝෂ හඳුනා ගෙන ඒවා නිවැරැදි කිරීමයි. එසේම මෙවන් රෝගීන්ගේ ඇති අනෙකුත් මානසික රෝගී තත්ත්ව වන විෂාදය, කාන්සාව සහ භින්නෝන්මාදය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට රෝග පාලනයද වැදගත් පියවරකි. ඒ අනුව මනෝ චිකිත්සමය මෙන්ම ඖෂධමය ප්‍රතිකාර බද්ධ කර රෝගියාට ලබා දීමෙන් ග්‍රස්ථීය රෝගය පාලනය සහ සුව කිරීමට හැකියි.

උපුටා ගැනීම: මාධවී ධර්මරත්න, ලංකාදීප වෙබ් අඩවිය

medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් තරගය අද
Next Article පිය පදවියට පා තැබූ සජිත ඇන්තනි (සරා)
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.