ඔබ කවදා හෝ ආහාර විෂ වීම අත්විඳ තිබෙනවාද? මම එසේ ඇසුවොත් ,”කුමක්ද? කිසිම ආකාරයකින්, කිසිවෙකු මට විෂ සහිත ආහාර ලබා දී නැහැ, නැතිනම් මම මගේම ආහාර විෂ කරගෙන නැහැ” යන ක්ශනික පිළිතුර ඔබේ මුවට පැමිණෙනු ඇත. මෙයට හේතුව “ආහාර විෂවීම” යනු කුමක්ද? යන්න පිළිබඳව ඔබට පැහැදිලි අදහසක් නොමැති නිසායි. ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් අප සියල්ලන්ම ආහාර විෂවීමකට ලක්ව ඇති බව මා පැවසුවහොත්, ඔබ කියන්නේ පුදුම වීමටත් පුළුවන්. ඔව් එය සත්‍යයක්. වෛද්‍යවරුන්ට අනුව, සෑම වසරකම මිලියන 48 ක් පමණ ජනතාව ආහාර විෂවීමෙන් පීඩා විඳිනව. ආහාර විෂවීම යනු ඔබේ ආහාර වේලට විෂ එකතු කිරීමක් නොවේ. එය අප සැමට හුරු පුරුදු රෝග ලක්ෂණ ගණනාවක් ලබා දෙන අතර සමහර විට අපගේ ආදරණීය ජීවිතවලට විශාල තර්ජනයක් ඇති කරන රෝගී තත්වයක්. එබැවින් ආහාර විෂවීම පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත්. එබැවින් මෙම ලිපිය පුරාම,ආහාර විෂවීම, ආහාර විෂවීමේ රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබදව ලිවීමට සැලසුම් කළා.
ආහාර විෂ වීම යනු කුමක්ද?
ආහාර විෂවීම සඳහා සරලම අර්ථය ආහාර හෝ ආහාර මගින් ඇතිවන රෝග ලෙස ප්‍රකාශ කළ හැකිය. පුද්ගලයෙකු අපිරිසිදු ආහාර හෝ ජලය පානය කරන විට ආහාර පරිභෝජනය සිදු වේ. ආහාර විෂවීම සිදුවන්නේ බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් හෝ එවැනි ආහාරවල ඇති විෂ සහිත ජීවීන් විසිනි. මෙය ආමාශය හා සම්බන්ධ රෝගයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඊට අමතරව ආහාර විෂවීම මොළය, වකුගඩු සහ මාංශ පේශි පද්ධතිය වැනි ශරීර කොටස් වලටද හානි සිදු කරනවා.
ආහාර විෂවීමේ රෝග ලක්ෂණ?
රෝගියාට බොහෝවිට ඔක්කාරය , පාචනය, උණ, මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේනම් ඔහු ආහාර විෂවීමකට ලක්ව ඇති බව අපට හඳුනාගත හැකියි.සාමාන්‍යයෙන් ආහාර විෂවීම හේතුවෙන් ඇතිවන මෙම ලක්ෂණ දින දෙකක් හෝ තුනක් පවතින අතර රෝගියා ඉන්පසුව යථා තත්ත්වයට පත්වේ. නමුත් 101.50F ට වඩා වැඩි උණ, ලේ පාචනය, අඛණ්ඩ වමනය, විජලනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ දින තුනකට වඩා වැඩි නම්, ඔබට එය සැහැල්ලුවට ගත නොහැක.
ආහාර විෂවීමේ ප්‍රතිකාර උපදෙස්?
ඔබ ඉහත සඳහන් රෝග ලක්ෂණ හඳුනාගෙන ඇත්නම්,පළමුව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමයි සිදුකල යුත්තේ. නිසි ඖෂධ මගින් වේදනාව සමනය වන අතර වමනය නතර වූ පසු සෑම විටම ඉතා කුඩා දියර ප්‍රමාණයක් ගැනීමට මතක තබා ගන්න. ඉදිරි දින කිහිපය සඳහා මේද ආහාර, කිරි නිෂ්පාදන සහ ඉහළ තන්තු සහිත ආහාර වලින් ඉවත් වී සිටීම සෞඛ්‍ය සම්පන්න වෙනවා. පාචනය හා වමනය නිසා විජලනය ඇති විය හැකියි. නමුත් සුපුරුදු පරිදි ජලය පානය කිරීමට ඔබ නිරෝගී නැති නිසා, ඔබ හොඳ සෞඛ්‍ය තත්වයකට පත්වන තෙක් දැඩි හිරු රශ්මියෙන් ඉවත්ව සිටීම නුවණට හුරුයි.
ඒ අනුව ආහාර විෂවීම යනු කුමක්ද?, රෝග ලක්ෂණ මොනවාද? සහ අනුගමනය කළ යුතු ප්‍රතිකාර පිළිබඳව දැන් ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වන්න! (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.