MyTicketsLK මගින් බල ගැන්වෙන “ආයු පදනම”, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකාවේ අභියෝගවලට නිර්භීතව මුහුණ දෙන දරුවන්ගේ ආදරය සහ රැකවරණය වෙනුවෙන් සහ එම ජීවිතවලට බලාපොරොත්තුවේ කිරණක් එක් කරමින්, කොළඹ අපේක්ෂා රෝහලේ සංවර්ධන කමිටුව සමග එක්ව හෘදයාංගම පරිත්‍යාගයක් පසුගිය දින ලබා දෙන ලදී.
2023 දී ආරම්භ කරන ලද “ආයු” පදනම ශ්‍රී ලංකාව පුරා සිටින සරණක් අවැසි සියලු දෙනා වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර, අධ්‍යාපනය සහ මුල්‍ය ආධාර සැපයීමේ අධිෂ්ඨානශීලී මෙහෙවරක නිරතවන සංවිධානයකි. MyTicketsLK, දිවයිනේ අන්තර්ජාල ප්‍රවේශපත්‍ර අලෙවියේ ප්‍රමුඛතම ආයතනය වන අතර, “ආයු” පදනම සමඟ එක්ව එහි අරමුණු වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දක්වයි.
ඔවුන්ගේ මෙම ක්‍රියා මාර්ගය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා, “ආයු” පදනම මෙම සත් ක්රියාවේ නිල අන්තර්ජාල මාධ්‍ය හවුල්කරු ලෙසින් BuzzerLK සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර “ආයු” පදනම, MyTicketsLK, සහ BuzzerLK එක්ව, ප්‍රජාවන් නඟා සිටුවීමට සහ පෝෂණය කිරීමට සහ සැමට දීප්තිමත් අනාගතයකට මග පෑදීමට ශක්තීන් ඒකාබද්ධ කරමින් සුවිශේෂී හවුල්කාරිත්වයක් ගොඩනඟයි.
අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවට කෙරෙන මෙම පරිත්‍යාගය “ආයු” පදනම සහ MyticketsLK විසින් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ගනු ලබන බොහෝ මුලපිරීම් වලින් එකක් පමණි. මෙම සංවිධාන දෙකම දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට සහ රටේ වඩාත්ම අවදානමට ලක්විය හැකි දරුවන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට නොසැලෙන කැපවීමක් ඉදිරියේදී කරනු ලබයි.
2023 ජූනි 19 වැනි දින මහරගම අපේක්ෂා රෝහලේ දී MyTicketsLK හි ප්‍රධාන විධායක නිලධාරී ගයාන් අත්තනායක මහතා, සහ අනෙකුත් සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ වෙත මුල්‍ය දායකත්වය නිල වශයෙන් ලබාදුන් අතර සංවර්ධන කමිටු සභාපති බිනර ජයවර්ධන මහතා සහ කමිටු සාමාජික දිලිනි ගුණසේකර මෙනවිය ද මෙම අවස්ථාවට එක්විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අත්තනායක මහතා “මෙම පරිත්‍යාගය විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා අපගේ නොසැලෙන කැපවීම පෙන්වීමක්. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අපි ඉදිරියේදී අපි කැපවෙනවා.” එලෙස සිය අදහස් ප්‍රකාශ කළේය.