විසිවන සියවස අවසන් භාගයේදී විශ්වය විනාශ විය හැකි ඉරණම් දෙකක් ඇති බවක් පෙනෙන්නට තිබුණි: එක්කෝ විශ්වයේ ඇති අති විශාල පදාර්ථ ප්‍රමාණය නිසා ගුරුත්වාකර්ෂණය බලවත් වී විශ්වය සංකෝචනය වී, නැවත මහා පිපුරුමට පෙර තිබු singularity අවස්ථාවකට පත් විය හැකි අතර නැතහොත් අවම වශයෙන් විශ්වයේ ප්‍රසාරණය මන්දගාමී විය යුතුය. නමුත් හබල් දුරේක්ෂය විසින් ඈත මන්දාකිණි වල ඇති 1a වර්ගයේ සුපර්නෝවා පිළිබඳ නිරීක්ෂණයන් සමග පෙර සදහන් කල උපකල්පනයන් උඩු යටිකුරු වුණු අතර ඒ මගින් පෙනී ගියේ විශ්වයේ ප්‍රසාරණය වේගවත් වන බවයි. මේ වේගවත් ප්‍රසාරණය පැහැදිලි කිරීම සඳහා තාරකා විද්‍යඥයන් විසින් අඳුරු ශක්තිය පිළිබඳ සංකල්පය යොදා ගත් නමුත් අඳුරු ශක්තියේ ස්වභාවය, නූතන තාරකා විද්‍යාව මුහුණ දෙන එක් බරපතල ප්‍රශ්නයක් ලෙස තවමත් පවතී.

අඳුරු ශක්තිය ගැන අප එක් දෙයක් හොදින්ම දනී: එනම් අඳුරු ශක්තිය විශ්වය තුල විශාල වශයෙන් ඇති බවයි. විශ්වීය ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (cosmic microwave background radiation) මැනීමෙන් පසුව විද්‍යාඥයන් තීරණය කර ඇත්තේ විශ්වයේ ශක්ති ඝනත්වයෙන් 68% ක් අඳුරු ශක්තියෙන් සමන්විත වන බවයි.
අඳුරු ශක්තිය යනු කුමක් වුවත් එය විශ්වයේ ප්රසාරණයට හේතු වීම සඳහා ඍණාත්මක පීඩනයකින් යුතුව අවකාශය විනිවිද යා යුතුය. Cosmological constant (විශ්ව න්‍යාය විද්‍යාත්මක නියතය) ලෙස හැඳින්වෙන අඳුරු ශක්තියේ එක් ආකාරයක් මඟින් එහි නියත ශක්ති ඝනත්වය, මුළු විශ්වය පුරා එක සේ විහිදී ඇති බව අඟවනු ලබයි. අයින්ස්ටයින් විසින් මුලින්ම ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ සමීකරණවලට ඇතුළත් කළ පදයකින්, මෙම ආකෘතිය (cosmological constant) එහි නම ලබා ගෙන ඇත. මේ cosmological constant ආකෘතියේ අරමුණ වූයේ, ගුරුත්වාකර්ෂණයට ප්රතිවිරුද්දව ක්‍රියාකිරීම සහ ස්ථිතික විශ්වයක් ඇති කිරීම ය. පසුව අයින්ස්ටයින්ගේ “ලොකුම වැරැද්ද” (biggest blunder) ලෙස හැඳින්වුනු එම පදය, වත්මන් විද්‍යාව තුල භෞතික ආකෘතියක් නියෝජනය නොකරන නමුත් මෙය ඇතැම් විට හුදෙක් හිස් අවකාශයේ ශක්තිය ලෙස හැදින්විය හැකිය. විශ්වයේ ප්‍රසාරණය මගින් අවකාශය පුළුල් වීමත් සමග අදුරු ශක්තියේ ප්‍රමාණය තව තවත් වර්ධනය වේ.
මේ අඳුරු ශක්තිය පිළිබද තියෙන ගැටළු විසදා ගැනීමට වර්තමාන විද්‍යාඥයින් විසින් අපගේ දැනට ඇති ගුරුත්වාකර්ෂණ න්‍යාය වෙනස් කිරීමට උත්සහ කරන නමුත්, මේ අලුත් න්‍යායට, විශ්වයේ සිදුවන මේ වේගවත් ප්‍රසාරණය පැහැදිලි කිරීමට සිදුවනවා පමණක් නොව ගුරුත්වාකර්ෂණය පිළිබද අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා වාදයට වඩා සමාන හෝ වැඩි නිරවද්‍යතාවයකින් යුක්ත වීමට ද සිදුවේ. (Astrolearn)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.