හෙට (06) දිනයේ සම්පුර්ණ දකුණු පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මන්නනාරම, වව්නියාව, කෑගල්ල, මාවනැල්ල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශයන්වල පූර්ණ වශයෙන් බස් ධාවනය සිදුනොවනු ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දන්වනවා.
ඒ අනුව එම ප්‍රදේශවල හෙට දිනයේ බස් රථ 10%ත් 15% අතර ප්‍රමාණයක් පමණක් ධාවනය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
කලින් සඳහන් වූ ප්‍රදේශවල ඇති ලංගම ඩිපෝ වලින් ඩීසල් නිසිලෙස ලබාදීමක් සිදු නොකළ බවත් එහි මුළු වගකීම අදාළ බලධාරීන් සහ අමාත්‍යවරයා භාරගත යුතු බවයි ගැමුණු විජේරත්න වැඩි දුරටත් සඳහන් කළේ.