Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න
OTHER 14 Views

හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න

Buzzer EditorialBy Buzzer EditorialJune 14, 2025No Comments6 Mins Read14 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහනක් ඔස්සේ අලුත් වටිනාකමක් සහිත රටක් සමඟින්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කරදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ නමින් නව බලාරොරොත්තුවක් මිනිසුන් හමුවේ තබා ඇත.

මේ පරිවර්තනීය වෙනස වෙනුවෙන් රටේ දැනට පවතින නීතිරීති වෙනස් කිරීම පමණක් නොව මිනිසුන්ගේ චින්තන රටාවද, හැදියාවද වෙනස් කළ යුතුව ඇත. එසේ නොවනතාක් කල් සිදුවන්නේ වර්තමානයේ යුද්ධ හමුදාවට සිදුව ඇති දෙය මිස අන් කිසිවක් නොවේ.


යුද හමුදාපති වශයෙන් ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ පත්වන්නේ 2024 දෙසැම්බර් 31 දාය. ඒ කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කිරීමට හරියටම දවසකට පෙරය. ඒ අනුව හමුදාපතිවරයාගේ පළමු නිල කටයුත්ත වූයේ ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයයි.

මෙය හමුදාපතිවරයාගේ දිවියේ සිදුවූ දෛවෝපගත සිදුවීමක්ද විය හැක. එය එදා කිසිවෙකුටත් අවබෝධ නොවුණත් යුද හමුදාව ගැන අවධානයෙන් සිටින ඕනෑම කෙනෙකුට ඒ බව සිහිවෙනු ඇත. රටේ නායකයා විසින් රට Clean කරන අතරතුර හමුදාව Clean කරන වගතීම පවරා ඇත්තේ හමුදාපතිවරයාටය.
මෙහිදී යුද හමුදාපතිවරයා ගන්නා සෘජු තීන්දු නිසා යුද හමුදාව තුළ සිටින දූෂිතයින්ට දැන් අත්ව ඇත්තේ ගලේ පැහැරූ බළලුන්ට සිදුවූ දෙය මිසෙක අන් කිසිවක් නොවේ. වත්මන් හමුදාපතිවරයා නිතරම විනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර සිටින්නෙකි. විනය කඩකරන ඕනෑම කෙනෙකුට එරෙහිව තරාතිරම නොබලා විනය පියවර ගැනීමට පියවර ගෙන ඇතිතේද එබැවිනි. විනයක් නොමැති අයෙකුට අත දරා සිටීමට අවියක් ලබා දීමද අතිශයින්ම භයානකය. එබැවින් මේ යුද හමුදාපතිවරයා ගෙන යන පාලනය අතිවිශිෂ්ටය.


නමුදු එසේවන විට යුද හමුදාවේ සිටින විනය කඩකළ හා විවිධ දූෂණවලට හවුල් වී චෝදනා ඔප්පුවූවෝ දැන් තුත්තිරි ගහක හෝ එල්ලී තමන්ගේ බඩවියත රැකගැනීමේ මෙහෙයුමක නිරත වී සිටී. ඒ වෙනුවෙන් කී බෝඩ් වීරයින් හා මයික් වීරයින් පිරිසක් මුදලට ගැනීමට ඔවුන් කටයුතු කර ඇත. ඒ තරමටම මේ දූෂිතයින් දැන් සිටින්නේ වියරු වැටිලාය. මුගුරු පහර කෑ සර්පයන් මෙන් ඔවුන් දැන් හැසිරෙන්නේ ඉතා පහත් අයුරින් යුද හමුදාවේ ප්‍රධාන තනතුරුවලට මඩ ප්‍රහාර එල්ල කරමිනි.

කෙසේ නමුත් ඒ දූෂිතයින් යුද හමුදාවෙන් ඉවත්කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග මේවන විටත් ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ සඳහා විවිධ මණ්ඩල පත්කර යුද හමුදාවෙන් ඉවත්කළ යුතු අය සම්බන්ධයෙන් දැනටමත් නිර්දේශ යුද හමුදාපතිවරයාට ලබාදී ඇත. එම මණ්ඩලවලින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වත්මන් යුද හමුදාපතිවරයා සූදානම් බව යුද හමුදාවේ උසස් නිලධාරියෙකු ලියුම්කරු සමඟ පැවසීය. කොටින්ම කීවොත් මේ දූෂිතයින්ගේ මුදලට යටවී ඔවුන්ගේ අල්ලේ නැටීමට යුදහමුදාපතිවරයා සූදානම් නැත ඒ නිසා මේ දූෂිතයින්ගේ එකම ඉලක්කය හමුදාපතිවරයා බවට පත්ව ඇත. හමුදාපතිවරයාට එරෙහි මඩ ව්‍යාපෘතියේ මූල බීජය එයයි.

යුද හමුදාව යනු සංවිධාන ශක්තිය අතින් ඉහළම ආයතනයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවේ. එනිසා යුද හමුදාවේ තනි තීරණ ගැනීමේ ක්‍රමවේදයක් නැත. අඩුම තරමේ හමුදාපතිවරයෙකු පවා තීරණ ගැනීමේ දී හැම විටම ප්‍රමුඛත්වය ලබාදෙන්නේ සාමූහික සහ පොදු තීරණවලටය. යුද හමුදාපතිවරයා පවා ඕනෑම කාරණයකදී තීරණයක් ගන්නේ ඒ තීරණයට අදාළව හමුදාවේ සිටින ප්‍රවීණයෝ සේම උසස් නිලධාරීන්ගේ නිර්දේශ සහ උපදෙස්වලට අනුවයි. හමුදා තුළ සිටින විනය විරෝධී , දූෂණ සම්බන්ධ චෝදනා ලබපු අය හමුදාවෙන් ඉවත් කරනෙත් මේ ක්‍රියාදාමයට යටත්වය.
මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් යුද හමුදාව තුළ විනය හා කාර්යක්ෂමතාවය හිස ඔසවමින් පවතින පසුබිමක හමුදාවෙන් ඉවත්කළ දූෂිතයින් පිරිස දැන් එකතු වී සිටින්නේ ඔක්කොම කුණු එකම තැනට එක්නව බවට කියන කියම සනාථ කරමිනි.
මෙලෙස යුද හමුදාවට සහ හමුදාපතිට මඩ ගසන කල්ලියේ ඉදිරියෙන්ම සිටින අයෙක් වන්නේ සංමලිංගික සේවනය නිසාවෙන් යුද හමුදාවෙන් ඉවත් කළ අයෙකි. ඔහු ඊනියා රණවිරු සංගමයක් අටවාගෙන රණවිරු ලේබලයෙන් තමාගේ අපිරිසිදු අතීතය වසා ගැනීම වෙනුවෙන් විවිධ වූ විකට රංගනවල නියැළී සිටී.

වත්මන් යුද හමුදාපතිවරයාට එරෙහිව මේ ඊනියා රණවිරු සංගම් අටවා ගත්තවුන් ප්‍රකෝපවීමට තවත් හේතුවක් තිබේ. ඒ රටේ සියලුම කඳවුරු වල රණවිරු සම්බන්ධීකරණ අංශ ඇති කිරීමයි. ඒ හරහා වැදුණු පා පහරින් මේ ඉනියා රණවිරු සංගම් දැන් හතර ගාතෙන් වැටී සිටී.

විශ්‍රාමික සෙබළෙකු මෙම ලියුම්කරුවා සමඟ සඳහන් කළ පරිදි මෙම තීරණය මීට පෙර ගත යුතුව තිබූ තීරණයකි.එසේ වූවානම් මේ ඊනියා රණවිරු සංගම්කාරයින්ට විශ්‍රාමික ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ කරමතින් තම අරමුණු කරා යා හැකි නොවනු ඇත. දැන් විශ්‍රාමික ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ පවුල්ව සාමාජිකයින්ට තම ගැටළු රණවිරු සම්බන්ධීකරණ අංශ හරහා යුද හමුදාපතිවරයා දක්වාම කෙළින්ම යොමු කළ හැකි නිසාවෙන් තමන්ට අහිමිවන විශ්‍රාමික ප්‍රජාව පිළිබඳ සමහර ඊනියා රණවිරු සංගම්කාරයින්ට ඇත්තේ වේදනාවකි. මෙලෙස ඔවුන්ට රණවිරුවන් අහිමිවීම තුළ විදෙස් රටවලින් හා දේශීයව ලැබෙන මුල්‍ය ප්‍රතිපාදනද අහිමිවනු ඇත.

යුද හමුදාවට සහ යුද හමුදාපතිට එරෙහි මඩ ව්‍යාපාරයේ මුල්තැන ගෙන සිටින තවකෙකුවන්නේ යුද හමුදා නිල ඇඳුමේ ගෞරවය කුණු කොල්ලයට විකුණමින් දේශපාලකයන් සහ වෙනත් පාර්ශවයන් සන්තර්පණය කිරීමේ නිරත වූ සින්දුකාරයෙකි. ඔහු එදා සිදුකළේත් තම ජඩකම් සහ දූෂණ වසා ගැනීම වෙනුවෙන් දේශපාලකයින්ට මෙන්ම හමුදාවේ ඇතැම් පාර්ශවවලට පඬුරු පාක්කුඩම් ලබාදීම බව මෙම ලියුම්කරුට වාර්තා විය.

මොවුන්ට විරුද්ධව එල්ලවී ඇති චෝදනා ඉවත් කර ඔවුන් නිවැරදිකරුවන් ලෙස නම්කරන්නට ඔවුන් විශාල වශයෙන් මුදල් වැය කරන්නට ඔවුන් සූදානම්ය. මොවුන්ට ඒ සඳහා විසි කිරීමට යහමින් මුදල් ද තිබෙන බවට මේවන විට කසුකුසුවක් යුද හමුදාව ඇතුලේ ඇති බවත් වාර්තා වේ. එබැවින් යුද හමුදාවේ නිලධාරියෙකුට එසේ වියදම් කිරීමට මුදල් ලැබුණේ කෙසේද යන්න පවා සොයා බැලිය යුතුය.

යුද හමුදාපතිවරයා මේ දූෂිතයින් ආරක්ෂා කිරීමට සූදානම් නැත. යුද හමුදාපතිවරයා දැන් මේ දූෂිතයින්ට නයාට අඳුකොළ වගේ වී ඇත්තේ එබැවිනි.

යුද හමුදාවේ සිටින දක්ෂ සහ හැකියාවැති නිලධාරීන් දැනට සිටින්නේ අධෛර්යමත්වය. ඊට හේතුව වී ඇත්තේ සේවා කාලයට ගැලපෙන උසස්වීම් සහ වරප්‍රසාද අහිමිවීමය. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ යුද හමුදාව තුළ දැනට සිටින දූෂිත නිලධාරීන් ඒ වරප්‍රසාද ලබාගැනීමයි. ඔවුන් උසස්වීම් පවා නොමැතිව යුද හමුදාව තුළ තවදුරටත් රැඳීසිටීම යුද හමුදාවේ ප්‍රගමනයට දැවැන්ත බාධාවකි.

ඒ නිසා වත්මන් යුදහමුදාපතිවරයා විසින් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන සුදුස්සාට සුදුසු තැන ලබාදීමට අවශ්‍යය පියවර ගෙන ඇත. මෙම පියවර නිසා යුද හමුදාව තුළ සිටින දූෂිතයින්ට දැන් සිටින්නේ භූමි තෙල් ගෑවුණු ගැරඬින් සේය.

නමුත් යුද හමුදාපතිගේ ගමන ඉතා පැහැදිළිය. ඔහුට සැළෙන්නට හේතු කාරණා නැත. මක් නිසාද මේ අවලාද හමුවේ නොසැලී සිටින්නට අවශ්‍යය පෞරුෂය හමුදාපති ලෙස පත්වීමට පෙර තරුණ වියේ සිටම ක්‍රම ක්‍රමයෙන් ගොඩනගා ගෙන ඇත. එබැවින් මේ මඩ අවලාද ඔහු නිය පිටින් යන දුහුවිල්ලක් තරමටවත් ගණන් නොගන්නා බව මේ ලියුම්කරු හොඳින් දනී. කවුරුන් කෙසේ මඩ අවලාද එල්ල කළත් වත්මන් යුද හමුදාපතිවරයා හමුදාවේ සිටින දූෂිතයින් පන්නා හමුදාව කෙළින් කිරීම නම් ස්ථිර බව උසස් හමුදා නිලධාරියෙකු මෙම ලියුම්කරු සමඟින් පැවසීය.

මේ දූෂිතයින් සියලු දෙනාම මේ අවාරයේ එකතු වී ඇත්තේ සුවිශේෂි හේතුවක් නිසාවෙනි. විශේෂයෙන්ම මේ කාල සීමාව හමුදාපතිතුමාටත් තීරණාත්මක වීම ඒ හේතුවයි. තව මාස දෙකකින් යුද හමුදාපතිවරයාට වසය අවුරුදු පනස් පහ සපිරේ. ඔහු තවදුරටත් යුද හමුදාපතිධූරයේ තබාගන්නවාද නැද්ද යන තීරණය ඇත්තේ ජනපති අතේය. එබැවින් මෙය යුදහමුදාව තුළ සිටින හා එළවාදමා සිටින දූෂිකයින්ට කදිම අවස්ථාවකි. එබැවින් විවිධ අවලාදනගමින් යුද හමුදාපතිගේ කීර්තිනාමය විනාශ කරමින් ඔවුන් උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාගේ තීරණවලට බලපෑම් කරන්නටය.

හමුදාපතිවරයාට සේවාදිගු දීම හෝ නොදීම ජනාධිපතිවරයා තීරණය කරනු ඇත. ඊට කිසිවෙකුටත් බලපෑම් කළ නොහැක. නමුත් මේ දූෂිතයින්ගේ නිරුවත ලොවට හෙළි කළ යුතුය. එසේම කුමන බාධා ආවාත් යුද හමුදාපතිවරයා මේවන විට සිටින දූෂිතයින්ට එරෙහි ක්‍රියාමාර්ග ගත යුතුය යන ස්ථාවරය කිසිදු අයුරකින් වෙනස් නොකළ යුතුය. ඔහු එය වෙනස් නොකරන බවට අපට විශ්වාසය. එසේ සෘජු තීරණයක සිටිමින් තමා සමාජ මාධ්‍යය කුලීකාර මඩකරියන්ට නොනැවෙන යුදහමුදාපතිවරයෙක් බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුය. නැතහොත් එය ඉදිරියේ පත්වීමට නියමිත හමුදාපතිවරුන්ටද ධෛර්යයමත් කිරීමටත් හේතුවක්වනු ඇත. එබැවින් එම බැරූරුම් කටයුත්තේ වගකීම වත්මන් යුදහමුදාපතිවරයාගේ දෙවුර මත රැඳවී ඇත.

සුදත් ප්‍රසංජය පෙරේරා

Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
Next Article ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට
Buzzer Editorial

Related Posts

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026

සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID යෙන් දන්වයි

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 15, 20262 Views

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

By Buzzer EditorialJune 15, 202602 Views

උමං මාර්ග භාවිත නොකර අවිධිමත් ලෙස ප්‍රධාන මාර්ග හරහා ගමන් කරන පදිකයන්ට එරෙහිව නීතිය දැඩිව…

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.