ජීප් රථයක් මාදිවෙල ඉන්ධන පිරවුම්හලට කඩා වැදීමෙන් පොම්ප ක්රියාකරුට බරපතළ තුවාල සිදුවී ඇති අතර පිරවුම්හලේ තිබූ ත්රිරෝද රථයකට, යතුරුපැදි දෙකකට සහ පොම්පයකට බරපතළ අලාභ හානි සිදු විය. පොම්ප ක්රියාකරු කළුබෝවිල දකුණු කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන්ධන පිරවුම්හලට ඇතුළු වීමත් සමඟ රියදුරු වාහනය තිරිංග පෑගීම වෙනුවට ඇක්සලරේටරය පෑගී ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් ඉන්ධන පිරවුම්හලේ කාර්යාලයට ද හානි සිදුව තිබෙනවා.
සුඛෝපභෝගී මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ සවස අධිකරණයට ඉදිරිපත් කර ඇත. මිරිහාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.