රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
අනෙකුත් රටවල් ජයග්‍රහණය සමඟ ඉදිරියට ගමන් කිරීමටත් අප රට පසුපසට ගමන් කිරීමටත් හේතුව, එක්ව වැඩ නොකිරීම බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.