ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව එක්දින තරඟාවලියේ පැවැත් වූ දෙවන එක්දින තරඟයෙන් ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට පන්දුවාර 48 ක් තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 220 ක් ලබාගෙන සිටියා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක්, ධනංජය ද සිල්වා හා දසුන් ශානක ලකුණු 34 ක් ලබා ගැනීමට සමත් වූ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 ක් රැස් කළා.
ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී ලකුණු 216 ක ඉලක්කයක් හිමිවුණා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දුවාර 37 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 189 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු 2 ක්, ධනංජය ද සිල්වා කඩුලු 2 ක්, දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් David Warner ලකුණු 37 ක් හා Glenn Maxwell ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වුණා