ජුලි 14 වනදා පොල්දූව වටරවුමේ පැවති විරෝධතාවයේදී ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට පහරදීම, පොදු දේපළවලට හානි කිරීම සහ සෙබළුන් දෙදෙනෙකුගේ ආයුධ සහ පතොරම් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය ඉල්ලා තිබේ.
වැලිකඩ පොලිසිය සහ දකුණු කොට්ඨාශ අපරාධ කොට්ඨාශය මගින් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි. ඒ අනුව, CCTV දර්ශන විශ්ලේෂණය කිරීමෙන්, විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන සහ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මහජන සහය ලබා ගන්නා කිහිප දෙනෙකු හඳුනාගෙන තිබේ.
එබැවින් මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරක් පහත සඳහන් දුරකථන අංක 071-8592209, 071-3064165, 011-2829388 සහ 1997 වෙත ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.