හටගෙන ඇති තත්ත්වය තුළ සියලුම හමුදා සාමාජිකයින් දැඩි සංයමයකින් යුතුව විනය ගරුකව සිය රාජකාරි සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා සිටිනවා.
මොනයම්ම හෝ තත්ත්වයක් යටතේ වුව ද පොදු ජනතාව වෙතට තුවක්කු එල්ල නොකරන ලෙස ද ඔහු සියලු හමුදා සාමාජිකයන්ගෙන් සහ පොලීසියෙන් ඉල්ලා සිටිනවා.
නොබෝ දිනකට පෙර ගාලුකොටු පවුර මත පැවැති විරෝධතාවක් නැවැත්වීමට පැමිණි හමුදා සෙබලා හා ඉන්ධන පිරවුම්හලකදී සිවිල් පුරවැසියෙකුට පහරදුන් හමුදා නිලධාරියා, හමුදාවට අගෞරව වන ආකාරයට හැසිරුනු බවද, හමුදාවේ කීර්ති නාමය රැක ගැනීමට නම් ඔවුන් සම්බන්ධයෙන් උපරිම දඬුවම් ලබාදී නීතිය ඇස් පනාපිට විනිවිද භාවයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
ලබන ජුලි 09 වනදා ගාලුමුවදොරට විශාල ජන ගංඟාවක් පැමිණෙනු ඇති බවද, එම අරගල සහ උද්ඝෝෂණ සියයට දාහක් සාර්ථක වන ලෙස තමන් ප්‍රර්ථනා කරන බවද අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළා.