රටට පැමිණෙන සංචාරකයින්ගෙන් මුදල් ලබා ගැනීමට නම් ඒ සඳහා අවස්ථා නිර්මාණය කළ යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.
බොහෝ සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ විනෝදාස්වාදය සඳහා වුවත්, රාත්‍රී 10 න් පසු කොළඹ සොහොන් පිටියක් වැනි නම්, ඔවුන්ට වියදම් කිරීමට මුදල් තිබුණද වියදම් කිරීමට මෙරට ස්ථාන නොමැති බවයි ඇය පෙන්වා දෙන්නේ.
එම නිසා විනෝදාස්වාදය සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට නම් මෙරට තුළ Night Life හෙවත් රාත්‍රී ආර්ථිකයන් නිර්මාණය කළ යුතු බව ඇය පෙන්වා දෙනවා.
ඊට අමතරව කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ක්‍රීඩාව පදනම් කරගත් සංචාරක අවස්ථාද නිර්මාණය කළ යුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරනවා.