ඒකාකාරී බවින් අත්මිදී ගමේ රසට අපේ කමට රසවත් පලතුරක් භාවිතා කරමින් ව්‍යාංජනයක් සාදා ගන්නට හැකි නම් එය කෙතරම් වටීවි ද කෙතරම් අපූරුද. අන්නාසි යනු බාල මහලු වැඩිහිටි සියලුම දෙනා වඩාත් ප්‍රියකරන රස ගුණ පිරි පළතුරු විශේෂයකි. ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කළ හැකි අන්නාසි වෙළඳපොළෙන් මිලදී ගන්නවා වෙනුවට ඔබගේ ගෙවත්තේ ද පහසුවෙන් වවා ගත හැකි අඩු සාත්තුවක් සහිතව වුවද ඵල නෙලාගත හැකි අපූරු පලතුරකි. එවැනි රසවත් අන්නාසි යොදාගනිමින් අන්නාසි මාලුවක් පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- අන්නාසි ගෙඩි දෙකක්
- පොල් තෙල් මේස හැඳි දෙකක්
- රතුලූනු ග්‍රෑම් 100ක්
- අමු මිරිස් ග්‍රෑම් 50
- කහ කුඩු ස්වල්පයක්
- ගම්බිරිස් කුඩු ග්‍රෑම් විස්සක්
- රම්පෙ ස්වල්පයක්
- කරපිංචා ස්වල්පයක්
- හොඳින් මිරිකාගත් මිටි කිරි කෝප්ප එකක්
- ඔබේ රසට අනුව අවශ්‍ය ප්‍රමාණයට ලුණු
පිලියෙල කරගන්නා ආකාරය –
හොඳින් පොත්ත ඉවත් කර ගත් ඉදුණු අන්නාසි ගෙඩි දෙකක නාරටිය ඉවත් කරගෙන කොටු ආකාරයට කුඩාවට කපාගන්න. ඉන්පසුව අවශ්‍ය ප්‍රමාණයට ලබාගත් භාජනයක් ලිප මත තබා එහි පොල් තෙල් ස්වල්පය හොඳින් රත් කර ගන්න. අනතුරුව පොල්තෙල් භාජනයට රතුලූනු අමුමිරිස් මිරිස් කුඩු කහ කුඩු ගම්මිරිස් කුඩු රම්පෙ කරපිංචා ලුනු කුඩු සියල්ලම දමා හොදින් රන්වන් පැහැයක් ගන්නා තෙක් තෙම්පරාදු කරගන්න. ලුණු සහ ගම්මිරිස් කුඩු ඔබේ රස අනුව සහ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත අනුව ඔබට අවශ්‍ය නම් වෙනස් කරගන්න. අනතුරුව ඔබ තෙම්පරාදු කර ගත් මිශ්‍රණයට කපාගත් අන්නාසි කැබලි එක්කර මදක් හැන්දෙන් ඒ මේ අතට පෙරළා හොදින් කලවම් කරගන්න. හොඳ සුවඳක් සමඟ තෙම්පරාදු වූ අන්නාසි බඳුනට මිරිකාගත් මිටිකිරි කෝප්පය දමන්න. ඉන් අනතුරුව විනාඩි 10ක් පමණ හොදින් පිපෙන්නට හැර ලිපෙන් බාගන්න. දැන් ඔබට රසවත් අන්නාසි මාළුව රසවිඳිය හැකි අතර මෙය වඩාත් රසවත් වන්නේ උණුවෙන්ම තම ආහාරයට එක් කර ගැනීමෙනි. සම්ප්‍රදායික ව්‍යංජන සම්ප්‍රදායෙන් බැහැරව වඩාත් රසට මෙවැනි පලතුරු යොදාගනිමින් වෑංජන පිළියෙල කිරීමෙන් ඔබගේ කෑම මේසයට ද අලුත් රසයක් සුවඳක් එක් වනවා සේම ඔබේ ආදරණීයයන්ට ද මෙය වඩාත් සුන්දර අත්දැකීමක් වනු ඇත. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.