ශ්රී ලංකා ක්රිකට් විසින් නව ඕවර 50 තරඟාවලියක් පවත්වනු ලබන්නේ ආණ්ඩුකාර කුසලානයට සහභාගී වන ක්රීඩා සමාජ, ප්රධාන සමාජ 2022 වාරයෙන් ඉවත් වූ සමාජ සහ වසර 100 කට වැඩි කාලයක් ක්රිකට් ක්රීඩා කර ඇති දිඹුල C&AC සහභාගීත්වයෙනි.
2023 පෙබරවාරි 25 වන දින ආරම්භ වන නව තරඟාවලිය, දැනට පැවැත්වෙන ප්රධාන සමාජ 23න් පහළ තරඟාවලියේ කොටස්කරුවන් නොවන දක්ෂ තරුණ ක්රීඩකයින්ට දස්කම් දැක්වීමට සහ නිරාවරණය වීමට අවස්ථාව සලසා දෙනු ඇත.
නව තරඟාවලිය “ශ්රී ලංකා ක්රිකට් ආරාධිත සමාජ තරඟාවලිය 2023 – අවුරුදු 23 න් පහළ (ඕවර 50)” ලෙස හැඳින්වේ.
මෙම මංගල තරඟාවලියේ සාර්ථකත්වය මත ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව විසින් ශ්රී ලංකා ක්රිකට් තරඟාවලි කමිටුවේ උපදෙස් ඇතිව තරඟාවලියේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳව වාර්ෂිකව තීරණය කරනු ඇත. (ශ්රී ලංකා ක්රිකට්)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.