Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනය පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සැසියක් පවත්වයි
Financial 3 Views

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනය පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සැසියක් පවත්වයි

Buzzer EditorBy Buzzer EditorApril 21, 2023No Comments4 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි දී උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් පසුගිය දා පැවැත්විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදියාකි මහතා මෙම අවස්ථාවට ආරාධිත කථිකයා ලෙස සහභාගී වූ අතර, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ සඳහා සහභාගී විය.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ (CMTA) සභාපති චාරක පෙරේරා මහතා සැසිය අමතමින්, පාරිභෝගිකයා, පරිසරය සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම උදෙසා මෝටර් රථ කර්මාන්තය නියාමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. පසුගිය වසර කිහිපය තුළ සිදු කරන ලද අත්‍යවශ්‍ය නොවන බොහෝ ආනයනයන් නිදසුන් සේ දක්වමින් ඔහු යෝජනා කළේ එවැනි සියලු කර්මාන්ත සඳහා කෝටා ක්‍රමයක් රජය විසින් සලකා බැලිය යුතු බවයි. එසේම මෝටර් රථ කර්මාන්තය සඳහා ද කෝටාවක් ලබා දිය යුතු බවත් එමඟින් දැනට අධික මිලෙන් යුත්, භාවිතා කළ වාහනවල මිල ද අඩු කිරීමට හැකි වනු ඇති බවත් ය. ඕනෑම ආර්ථිකයක ක්‍රියාකාරීත්වය සඳහා කාර්යක්ෂම ප්‍රවාහනය අත්‍යවශ්‍ය බවත්, දැනට මෙරට පවතින වාහන ප්‍රමාණයෙන් 50%ක ප්‍රමාණයක් වසර 10කට වඩා පැරණි බවත් ඔහු අවධාරණය කළේය.

පසුගිය 2020 සහ 2021 දෙවස‍රේ දී, ආනයනය සඳහා වූ වියදම් ඉස්මතු කරමින් චාරක පෙරේරා මහතා අවධාරණය කළේ නිමි ඇඳුම් සහ අනෙකුත් උපාංග ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 421ක්, ගෘහ භාණ්ඩ සඳහා ඩොලර් මිලියන 739ක්, ආනයනික මත්ස්‍ය ආහාර සඳහා ඩොලර් මිලියන 310ක්, රූපලාවණ්‍ය සඳහා ඩොලර් මිලියන 122ක් යනා දී වශයෙන් ආනයනික වියදම් ලැයිස්තුව සමන්විත බවයි.

1. ජපාන තානාපති මිසුකොෂි හිදියාකි වෙත CMTA සභාපති චරක පෙරේරා, හිටපු සභාපති යසේන්ද්‍ර අමරසිංහ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති විරාන් ද සොයිසා යන මහත්වරුන් විසින් ඇගයීම් සමරුවක් පිරිනමමින්
2. ජපාන තානාපති මිසුකොෂි හිදියාකි රැස්ව සිටි පිරිස අමතමින්
3. CMTA සභාපති චාරක පෙරේරා රැස්ව සිටි පිරිස අමතමින්

“වසර දෙකක් සඳහා මෙම කාණ්ඩ 04 සඳහා පමණක් සම්පූර්ණ විදේශ විනිමය ගලා යාම ඩොලර් මිලියන 1,592ක් වෙනවා. ඒ නිසා මෝටර් රථ කර්මාන්තය ද ඇතුළුව මේ කර්මාන්ත බොහොමයකටම කෝටා ක්‍රමයක් තිබිය යුතු බවත්, එය සියලු දෙනාගේම යහපැවැත්මට ඉඩ සලසන බවත් අපි විශ්වාස කරනවා. මා සඳහන් කළ සංඛ්‍යා හා සලකා බැලීමේ දී, අවම වශයෙන් ඩොලර් මිලියන 400ක් මෝටර් රථ කර්මාන්තය වෙනුවෙන් වෙන් කිරීමට ඉඩ තිබුණා. ඉන් අපේ කර්මාන්තය බාධවකින් තොරව පහසුවෙන් කළමනාකරණය කිරීමටත්, පසුගිය වසර දෙක තුළ පමණක් මෙම ක්ෂේත්‍රය තුළ අහිමි වූ 15,000කට වැඩි රැකියා අවස්ථා ඉතිරි කර ගැනීමටත් ඉඩ තිබුණා. එසේම එමඟින් රජයට අවශ්‍ය විශාල ආදායමක් ලබා දීමටත් හැකියාව තිබූ බව අපේ විශ්වාසයයි” යනුවෙන් කරුණු දැක්වූ ඔහු තව දුරටත් සිය අදහස් දක්වමින් කර්මාන්තය නියාමනය කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ උපාංග නිෂ්පාදන සහ අපනයන කර්මාන්තයක් ස්ථාපිත කිරීමට සහාය වන ලෙස ඔහු ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදියාකි මහතා, IMF විසින් ඉදිරිපත් කළ කොන්දේසි සහිත ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ, දේශීය ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වන බැවින්, එහි අවශ්‍යතාව හා වටිනාකම සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානය දක්වන සුවිශාල සහයෝගයත්, ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඔහුගේ ඉදිරි දැක්ම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ දී ජපාන සමාගම් මුහුණ දෙන අභියෝග සම්බන්ධව ද ඔහු තවදුරටත් සිය අදහස් ඉදිරිපත් කළේය.

මිසුකොෂි හිදියාකි මහතා, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාර්ථක ලෙස අනුමත කිරීම වෙනුවෙන් මම ශ්‍රී ලංකාවට සුබ පතනවා. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නගා සිටුවීමේ ප්‍රධාන පියවරක්. ආර්ථිකය පූර්ණ ලෙස තිරසාරව යථා තත්ත්වයට පත් කිරීම සඳහා, ශ්‍රී ලංකාව IMF සමඟ එකඟ වූ මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කළ යුතුයි. එම උත්සාහයන් සඳහා ජපානය අඛණ්ඩව සහාය දක්වනවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ EFF අනුමත වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇති බවටත්, වාහන ආනයනය සඳහා වන සීමාවන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වනු ඇති බවටත් මං අපේක්ෂා කරනවා.” යනුවෙන් ද සිය අදහස් එක් කළේය.

දේශනයෙන් අනතුරුව, CMTAහි හිටපු සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා විසින් මෙහෙය වූ ප්‍රශ්නෝත්තර සැසියක් ජපාන තානාපති සමඟින් පැවැත්වුණු අතර, විවිධ මාතෘකා ඔස්සේ පැන නැගි ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙන ලදි.

ශ්‍රී ලංකාව සඳහා ජපානයේ ප්‍රමුඛතාවයන් අතර කාබන් වායු විමෝචනය අවම කිරීම ඇතුළු තිරසාර සංවර්ධනයට සහාය වීම, විවිධ කලාපවල විවිධ ජීවන මට්ටම්වල පවතින දූරස්ථ බව නැති කිරීම, ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම අන්තර්ගත බව තානාපතිවරයා සඳහන් කළේය. විද්‍යුත් වාහන සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඔහු සඳහන් කළේ, ගල් අඟුරුවලින් විදුලිය ජනනය කරන්නේ නම්, විදුලි වාහනවල(EV) එතරම් ප්‍රතිලාභ නොමැති බවත්, බලශක්ති උත්පාදනයේ දී ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලයන් පිළිබඳව සළකා බැලිය යුතු බවත් ය. නමුත්, ශ්‍රී ලංකාව තුළ විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමට ජපන් සමාගමක් උනන්දු වන්නේ ඒවා ප්‍රධාන වශයෙන්ම කෙටි ධාවනය සඳහා භාවිතා කරන නිසා බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, 1919 වසරේ දී ආරම්භ කරන ලද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දේශීයව පත් කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයින් නියෝජනය කරන එකම වෙළඳ ආයතනයයි. CMTA සාමාජික ආයතන විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ වඩාත් හොඳ අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි.

END

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් පොලිස් අත්අඩංගුවට
Next Article උද්ධමන​ය තවදුරටත් අඩුවේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.