ප්‍රමාණවත් පොහොර සැපයුමක් සහතික කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ජාවකදී පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ රටේ පවතින ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්රයේ නියෝජිතයන් සමඟ අද පැවති සාකච්ඡාවකදීය.
එහිදී අගමැතිවරයාට ප්‍රතිචාර දක්වමින් නිලධාරීන් දන්වා සිටියේ බැංකු විසින් ඩොලර් නිකුත් කළහොත් පොහොර සමාගම්වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීමට හැකිවන බවයි. කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කෙරෙන අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත ලෙසින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකය තිරිඟු සහ පොහොර හිඟයකට මුහුණ පා ඇතැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටි බවයි.
හිඟය වැඩි වන විට, වහාම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් නරක අතට හැරෙනු ඇතැයි ඔහු පැහැදිලි කළේය. නාගරික ප්‍රදේශවල වගා කළ හැකි එහෙත් අඩු වශයෙන් පාවිච්චි කර ඇති ඉඩම් හඳුනා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රට පත්ව ඇති තත්ත්වය ඉතා භයානක බවත් එයින් ගොඩ ඒමට නම් ඒකාබද්ධ උත්සාහයක් අවශ්‍ය බවත් ඔහු පැවසීය.
මෙම සාකච්ජාවට අග්‍රාමාත්‍යවරයා සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිර්මාල් සිරිපාල, යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ අදාළ නිලධාරීන් ද එක්ව සිටියහ. (NW)