ලිනියානු පදක්කමේ ත්‍යාගය රිචඩ් ඕවන් (“ඩයිනෝසෝරයන්” නම්කිරීම ආරම්භ කළ පුද්ගලයා), ඇල්ෆ්‍රඩ් වොලස්, ඩාවින්ගේ නාමය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනියන පුද්ගලයින් වන ජෝසෆ් හූකර් සහ තෝමස් හක්ස්ලි සහ මහාද්වීපයේ උද්භිද විද්‍යාවේ නිර්මාතෘවරයෙකු වන ඇල්ෆොන්ස් ද කැන්ඩෝල් වැනි ජෛව විවිධත්ව දැවැන්තයන් විසින් අත්පත් කරගෙන ඇත. ඇල්බට් ගන්තර්, හර්නෙස්ට් හේකල්, විලී හෙනිග්, ස්ටීවන් ජේ ගුල්ඩ්, අර්නස්ට් මේයර්, ඇල්ෆ්‍රඩ් රෝමර්, විලියම් ස්ටර්න්, ජී. ලෙඩ්යාර්ඩ් ස්ටෙබින්ස්, ඩාර්සි තොම්සන් සහ තවත් බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ ජීව විද්‍යාඥයින් අතර නොමැකෙන අය වෙති.
- ලිනියානු පදක්කම ස්වභාව විද්‍යාඥයින් සඳහා වන නොබෙල් ත්‍යාගය ලෙස සැලකේ.
ආචාර්ය රොහාන් පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ සහ කලාපයේ විස්මිත මිරිදිය මත්ස්‍ය විවිධත්වය වඩාත් පුළුල් ලෙස අවබෝධ කර ගැනීම සහ සංරක්ෂණය කිරීම සඳහා මුල් පර්යේෂණ සහ අන්‍යයන්ට උපකාර කිරීම තුළින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.
1991 දී ප්‍රකාශයට පත් කරන ලද “Freshwater Fishes of Sri Lanka”, දිවයිනේ අද්විතීය “ichthyofauna” වෙන කවරදාටත් වඩා පුළුල් ලෙස සහ අධිකාරීත්වයක් ඇති අයුරින් ඉදිරිපත් කරන සන්ධිස්ථානයක් ලෙස සැලකේ. (*ichthyofauna යනු එක් කලාපයක් ආශ්‍රිතව ජීවත් වන මත්ස්‍ය විශේෂ යන්නයි.)
මිරිදිය කකුළුවන් විශේෂ 43කට අමතරව මත්ස්‍යයන්, උභයජීවීන් සහ කටුස්සන් ඇතුළු ශ්‍රී ලංකාවෙන් නව පෘෂ්ඨවංශීන් විශේෂ 100ක් පමණ සොයා ගැනීම සහ විස්තර කිරීම සඳහා පෙතියාගොඩ මහතා වගකියයි.
“ඩෝකින්සියා රොහානි (Dawkinsia Rohani)” සහ “රස්බෝරෝයිඩස් රොහානි (Rasboroides Rohani)” යන මත්ස්‍යයන් ඇතුළු නව විශේෂ කිහිපයක් ඔහුගේ ගෞරවය පිණිස නම් කර ඇත. මයික්රොහයිලයිඩ් ගෙම්බා – “උපෙරොදොන් රොහානි (Uperodon Rohani)” ; මකර කටුස්සා – “කැලෝට්ස් පෙතියාගොඩෙයි (Calotes pethiyagodai)”; පනින මකුළුවා – “ඔනොමස්ටස් පෙතියාගොඩෙයි (Onomastus pethiyagodai)” සහ බත්කුරා – “මැක්රොමිඩියා ඩොනල්ඩි පෙතියාගොඩෙයි (Macromidia donaldi pethiyagodai)”. 2020 දී එස්. ඩී.බිජු (S. D. Biju) ප්රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් පෙතියාගොඩට ගෞරවයක් වශයෙන් දකුණු සහ අග්නිදිග ආසියානු ගස් ගෙම්බන් “රොහානික්සලස් (Rohanixalus)” ලෙස නව ගණයක් නම් කරන ලදී.