ජගත් මානව හිමිකම් මණ්ඩලයේ මෙවර 51 වන සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.
මෙම යෝජනා කෙටුම්පත මගින් ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපාරාධයක් සිදු කළා යැයි පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු යැයි මෙම යෝජනා කෙටුම්පත් මගින් නිර්දේශ කර ඇති යැයි පැවැසෙයි.
නව යෝජනාව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානීය, ජර්මනිය, මලාවී, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියා යන රටවල් විසින් ඉදිරිපත් කිරීමට නියමිත හා ඔවුන්ගේ අනුග්‍රාහකත්වය යටතේ ඉදිරිපත් වීමට නියමිත යෝජනා කෙටුම්පතට රටවල් රැසක සහාය හිමිවන බවද පැවැසෙයි.