එකම ආහාර වේලෙන් ඔබ වෙහෙසට පත් වී තිබේද? හුරුවී ඇති ආහාර රටාව වෙනස් වන්නට පටන්ගන්නා විට, විවිධ ආහාර නිෂ්පාදන සඳහා දැඩි උවමනාවක් ඉස්මතු වීමට පටන් ගනී. එවිට ඔබට විවිධ ආකාරයෙන් ගුණාත්මක ආහාර අනුභව කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
ශරීරයට සුදුසු වූත් සහ අවශය වූත් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ඇත. අපට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන විවිධ ආහාරවලට අනුගත වීමෙන් හොඳ සෞඛ්‍යයක් හොඳ සහනදායි ජීවිතයක් පවත්වා ගත හැකිය.
විවිධ ආහාර ගැනීමේ වාසි
- රෝග අවදානම ඉතා අඩුය
- එකම රසයට හුරු වූ දිව තව තවත් රසයන්ට අනුගත විය හැක.
- ආහාර ගැනීමට ඇති කැමැත්ත වැඩි දියුණු කරයි.
- ශරීරයේ විවිධ ග්‍රන්ථින් හා අවයව වල නීරෝගී බව රැක ගැනීමටත් වගේම එය පවත්වා ගැනීමටත් රස උත්පාදනය උපකාරී වේ.
මොනවාද මේ විවිධාකර ආහාර?
සෑම දිනකම එකම එළවළු, පලතුරු සහ ඖෂධ පැළෑටි ඇතුළත් කිරීමෙන් අපි අපගේ ආහාර රුචිය අඩු කරගන්නෙමු. එසේම, වඩාත් වැදගත් පෝෂ්‍ය පදාර්ථ සමහරක් අතුරුදහන් වී ද යා හැකිය. එය සමහර රෝගවලට පවා හේතු විය හැක. එබැවින් ඔබට දිනපතා නැවුම් එළවළු 05 ක් සහ නැවුම් පලතුරු 4 ක් සහ නැවුම් විවිධ ඖෂධීය ගුණයෙන් යුත් පලා වර්ග එකතු කර ගැනීමද සිදුකල හැකිය. ඉහත කී කිසිවක් ඉහළ මිලක් ගෙවීමකින් තොරව ඔබට ආයාසයකින් තොරව ගෙවත්තෙන් ලබාගත හැකිය. විටමින් සහ ෆෝලික් අම්ලය වැනි සුලභ නොවන පෝෂ්‍ය පදාර්ථ ඒ ආකාරයෙන් ලබා ගත හැකිය.
ශ්‍රී ලාංකික ගතානුගතික ආහාර රටාවේදී දන්නා පළා වර්ගයන් එකින් එක ගෙනහැර බැලුවොත් කංකුන්, මුගුණුවැන්න නොවරදවා දෛනික ආහාරයට එකතුකරගනී. ඒ වෙනුවට කෙනකුට පළා වර්ග අතර වුණත් විවිධත්වයක් ඇති වන පරිදි පැෂන්, නිවිති, කුරිංඥං කොළ, සාරණ, මඤ්ඤොක්කා කොළ එක්කර ගත හැකියි.
අපි මේ ගන්නා ආහාර වේලක් හරි අන්දමින් කොටස් 04කට බෙදුවොත් එක් කොටසකට බත් ඊළඟ කොටස් දෙකට පළා වර්ග සහ එළවළුත්, ඉතුරු කොටසට මස් හෝ මාළු එකතු කර ගත හැකියි. නිර්මාංශික කෙනකු නම් ඒ වෙනුවට ධාන්‍ය වර්ග ආදේශ කර ගත හැකිය.
එලෙස විවිධත්වයකින් හා අලුත් ආකාරයෙන් කෑම වේලක් නිතර එක්කර ගැනීමෙන් පියකරු බව ඇති වේ. සම නිරෝගී කරයි. පැහැපත් කරයි. හිස කෙස් මැනැවින් වර්ධනය කර ඒ ආශ්රිත ප්‍රශ්ණ අඩු කරයි. දත්පෙළ, නියපොතු ශක්තිමත් වේ. මෙවන් ආකාරයේ ප්රතිලාභ රැසක් නිරෝගීවීම නිසා ඔබ අප සවොමටම අත්විඳීමට හැකියාව හිමිවේ.