කොළඹ ගාලුමුවදොර පිටියේ බණ්ඩාරනායක පිළිරුව අසල විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.
පිළිරුව අසලට අදාළව පසුගියදා නිකුත් කළ අධිකරණ නියෝගය කඩ කිරීමේ චෝදනාව මත රජයට එරෙහි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කර තිබුණා.
ප්රතිමාවට මීටර් 50ක අරයක් පමණ දුරින් මහජනතාවට රැස්වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා බදාදා (20) නියෝගයක් නිකුත් කළේය.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. පිළිරුව හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට එරෙහිව පසුගියදා පැවති මහජන විරෝධතාවලදී ප්රධාන සලකුණක් විය.