විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා කටයුතු අද (24) දිනයේ දී සීමා කිරීමට තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටිනවා.
ඒ අනුව එහි සේවා කටයුතු අයදුම්කරුවන් 400කට පමණ සීමා කරන බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.
පරිශ්‍රයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.